Live 24

Saturday
December 14, 2024
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
December 14, 2024
  • Home
  • Sinhala
  • ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්
Image

ලොව ආකර්ෂණීයම දිවයින ලෙස ශ්‍රී ලංකාවට රන් සම්මානයක්

ශ්‍රී ලංකාව ලොව වඩාත් ආකර්ෂණීයම දිවයින ලෙස සුප්‍රකට “Wanderlust” සංචාරක සඟරාව මගින් පාඨක ඡන්දයෙන් තෝරාගෙන තිබේ.

කීර්තිමත් වොන්ඩලස්ට් පාඨක සංචාරක සම්මාන ප්‍රදානය ලන්ඩන් නුවරදී පසුගියදා පැවැත්වුණි.

සංචාරකයන් අතර ආකර්ෂණීය මෙන්ම විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාව පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවට පාඨක ඡන්ද 200,000ක් පමණ හිමිවී තිබේ.

වොන්ඩලස්ට් සංචාරක සඟරාව පසුගිය වසරේ ශ්‍රී ලංකාව නම් කර තිබුණේ ලොව වඩාත් ආකර්ෂණීය දිවයින් අතර 08 වන ස්ථානයටය.

ශ්‍රී ලංකාව පිළිබඳ කෙටි සටහනක් ඉදිරිපත් කරමින් වොන්ඩලස්ට් සඟරාව සඳහන් කළේ, ඉන්දීය සාගරයේ මුතු ඇටය නමින්ද හඳුන්වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්මාරක අතර සීගිරිය, දඹුල්ලේ ලෙන් විහාරය මෙන්ම අනුරාධපුර සහ පොළොන්නරුවේ නටබුන් කැපී පෙනෙන බවය.

Releated News

හිරුණිකා නැතුව පාර්ලිමේන්තු යන සජබ ඉතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මෙන්න

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර වෙනුවෙන් නම් 4ක් නිර්දේශ කර ඇති බව වාර්තාවනවා. ඒ අනුව, සුජිව…

Dec 12, 2024
අලුත් මන්ත්‍රීවරු 35ක් මාදිවෙලින් නිවාස ඉල්ලලා

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ නවක මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් මාදිවෙල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා…

Nov 23, 2024
වේයන්ගොඩ නිධානයේ අලුත්ම තත්ත්වය

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ…

Nov 23, 2024
අපේ ඇඟට ගොඩ වෙන්න කලින් ඇතුළෙ ප්‍රශ්න විසඳගෙන එන්න

ජාතික ලැයිස්තු තුළ මතු වී තිබෙන අර්බුද පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කොට විසඳාගෙන අනුමත ලේඛන පමණක්  මැතිවරණ කොමිසම වෙත…

Nov 23, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *