Live 24

Thursday
July 10, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Thursday
July 10, 2025
  • Home
  • Local
  • රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සෙනේෂ් ට
Image

රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය සෙනේෂ් ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

නව සභාපතිවරයා ගරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් අද (25) පෙරවරුවේ පත්වීම ලබා ගත්තා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක්, මාධ්‍යවේදියෙකු මෙන්ම කතුවරයෙක්.

සෙනේෂ් දිසානායක බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්ද වනවා.

ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්.

ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනවා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2024) සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ගරු ලේකම් ධුරය (2022-2023) දරා තිබෙනවා.

Releated News

Breaking: එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා…

Jul 4, 2025
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *