Live 24

Friday
May 9, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
May 9, 2025
Image

රියදුරු බලපත්‍ර 3000කට වැඩි ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කරයි

වසරේ ගත වූ කලය තුළ අධිකරණ මගින් රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සදහන් කළේ, මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ රියදුරු බලපත්‍ර 3,249ක් තාවකාලිකව අවලංගු කර ඇති බවය.

රියදුරන් විසින් සිදු කරනු ලැබු විවිධ වැරදි සඳහා පැවති නඩු විභාගවලදී අධිකරණ විසින් අදාළ රියදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇති බව හෙතෙම පැවසීය.

මේ අතර රිය අනතුරු බහුලව සිදු වීමට අපරික්ෂාකාරි රිය ධාවනය සහ  වාහන නිසි ප්‍රමිතියකින් යුක්ත නොවීම ප්‍රධානතම හේතු වි ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.

එමනිසා වාහනයක් ධාවනය කරවීමට පෙර එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයැබැලීම අත්‍යාවශ්‍ය බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙරට මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩුද රිය අනතුරු බහුලවීමට බලපා ඇති බවද මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *