Live 24

January 23, 2026
☀️Clear sky, 27°C
January 23, 2026
☀️Clear sky, 27°C
  • Home
  • Sinhala
  • රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්
Image

රාජ්‍ය සේවකයින්ට සුබ ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිටත් මූලික අධ්‍යයනයන් ආරම්භ කර ඇති බවයි.

වෘත්තීය සමිති ඉල්ලීම්, ඇතැම් රජයන් විසින් ගත් විවිධ තීරණ හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ එක් එක් ශ්‍රේණි අතර දැඩි වැටුප් විෂමතාවක් නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා පැවසුවේ, ඇතැම් රාජ්‍ය සේවක වැටුප් විෂමතාවන් 1992 වසරේ සිට හටගෙන ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට අසාධරණයක් නොවන පරිදි වැටුප් විශමතා ඉවත් කිරීම දැඩි සංකීර්ණ තත්වයක් බව ද මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළා.

මෙම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යංශය සමග ද මේ වනවිට සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *