Live 24

Tuesday
January 21, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
January 21, 2025
  • Home
  • Local
  • රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා
Image

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ලබන මාර්තු මස 20 වැනිදා විභාගයට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (09) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දුන්නා.

නමුත් නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවු අවස්ථාවේ දී නොතීසි නිකුත් කළා.

Releated News

වැලිවලින් ගහපු ගැහිල්ලක්

වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල…

Jan 21, 2025
නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන…

Jan 21, 2025
විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව…

Jan 20, 2025
ඉතිහාස ගත වූ ව්‍යවසායකයා

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි. 1987 දී…

Jan 20, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *