Live 24

January 23, 2026
☀️Clear sky, 25°C
January 23, 2026
☀️Clear sky, 25°C
  • Home
  • Local
  • රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා
Image

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරින ලද හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව ලබන මාර්තු මස 20 වැනිදා විභාගයට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (09) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේ දී කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10 ගෙවන බව කියමින් සමථයක් ඇති බවට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දුන්නා.

නමුත් නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම මත ඔවුන්ට ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වමින් මහේස්ත්‍රාත්වරිය නඩුව කැඳවු අවස්ථාවේ දී නොතීසි නිකුත් කළා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *