Live 24

December 15, 2025
🌤️Mainly clear, 27°C
December 15, 2025
🌤️Mainly clear, 27°C
  • Home
  • News
  • මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට
Image

මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

මුණුබුරා  සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිදන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය හිල්ටි යන්ත්‍රයක් ,  උල්කටු කීපයක් ,  වයර් කෝඩ් කීපයක් ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.

කාන්තාවක් තවත් කීප දෙනකු සමඟ ඇයගේ නිවෙස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය මඟින් මොරගහහේන  පොලිසියට ලද දුරකථන පණිවිඩයක් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය පවසනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ පරික්ෂාවේදී  විශාල ගල්තලාවක් මැද අඩි හයක පමණ පළලින් යුත් අඩි විස්සක පමණ යටට විශාල දෝනාවක් දක්නට ලැබුණු බවත් ඒ තුළ දැඩි අඳුරකින් යුක්ත වීම හේතුවෙන් සැකකරුවන් ගල විඳීම සඳහා විදුලි රැහැන් උපයෝගී කරගෙන  නිවසින් විදුලිය ද ලබාගෙන තිබූ බවත් විමර්ශනවලදී දැකගත හැකිවූ බව පොලිසිය පවසනවා.

පිටතට ශබ්ද නොඇසීම සඳහා ගල පිපිරීම සඳහා රසායනික ද්‍රව්‍ය  යොදා ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ගල මේ තරමට යටට පිපිරවිමට මාස දෙකක පමණ කාලයක් ගත වූ බව අත්අඩංගුවට ගත් සැකකාරියගේ මුනුබුරාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.

 මෙම ගල්තලාව මත අලියෙකුගේ සහ කිරිබත් කෑල්ලක හැඩයෙනුත් රූප සටහන්ද දක්නට ලැබෙන බවත් සැකකාරිගේ ප්‍රකාශවලින්ද අනාවරණය වූ බවත් ඊතලයක හැඩයෙන් යුත් රූප සටහන් ගල්තලාව  නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පවසයි.

ඊට අමතරව  වසර සිය ගණනක් පැරණි පුස් වැලක්ද ගල්තලාව ආසන්නයේ  වැවී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම ගල්තලාව මත ඇති නිධානය ගැනීම සඳහා සැකකාරිය විවිධ පුද පූජා පවත්වා ඇතැයිද අවට නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් 76  හැවිරිදි සැකකාරිය හා 20 හැවිරිදි මුණුබුරා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *