මාධ්‍යවේදීන් : ඇයි පාස්කු හෙලිදරව්ව නොකළේ ? ඇමති : ඇයි ඉතිං මේ කළබලේ ?

වර්තමානයේ විපක්ෂයේ සිටින මීට පෙර ආණ්ඩු බලය හිමිව සිටි ඇතැම් අය පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙතරම් කලබල වී ඇත්තේ ඇයිද යන්න රජය කල්පනා කරමින් සිටින බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන විමර්ශණ සිදු කරගෙන යන බැවින් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ කිසිඳු කෙනෙකු කලබල වීමට අවශ්‍ය නැති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ අප්‍රේල් 21 වැනිදා හෙළිදරව් කරන බවට පැවසූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසගේ නම් තවමත් හෙළිනොකළේ ඇයිද යන්නයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“දැන් විපක්ෂයේ ඉන්න කලින් ආණ්ඩු කරපු අය පාස්කු ප්‍රහාරයේ විමර්ශණ සම්බන්ධයෙන් ඇයි මෙතරම් කලබල කියන එක තමයි අපිත් කල්පනා කරමින් ඉන්නේ. මොකද විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා. විවිධ අයගෙන් සාක්ෂි සටහන් කරගන්නවා. ඒකට විපක්ෂයේ කවුරුත් කලබල වෙන්න ඕන නැහැ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, උදය ගම්මන්පිල වගේ ඇමතිවරු, මම දැක්කා නාමල් රාජපක්ෂත් කලබලා වෙලා එක එක ඒවා කියනවා. මම දන්නවා ඒ අය කලබල ඇයි කියලා. අපිට හම්බුණේ අවුරුදු පහ හමාරක කාලයක් විමර්ශන යටපත් කරන්න උත්සාහ කරන තත්ත්වයක්. අපිට ඒ කාල සීමාවත් හම්බ වුණා නම් මෙලෙහකට මහමොළකරුවන් ඇතුළු පිරිස හෙළිකරන්න තිබ්බා. මේ සම්බන්ධයෙන් අලුතෙන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තියෙනවා. ඉස්සරහට කැඳවීම් එයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ මොහොතේ නිසි විමර්ශන කරනවා.”

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect