Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන ගැසට් නිවේදනයක්
Image

මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප ගැන ගැසට් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට හිටපු අධිපතිවරුන්ට හෝ වර්තමානයේ සහ අනාගතයේ පත්වන කිසිදු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුප නොලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සභාපති සහ මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුක් කර තිබෙනවා.

ගැසට් නිවේදනයට අනුව ඉකුත් සැප්තැම්බර් මස 11 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි වනු ඇති.

මහ බැංකුවේ අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප 1998 වසරේ ජනවාරි මස පළමු වනදා සිට අහෝසි කර තිබූ අතර පසුව යළිත් 2015 වසරේ ජනවාරි පළමු වැනිදා සිට එය ක්‍රියාක්මක කෙරුණා.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන්ටත් 2015 ජනවාරි පළමු වනදා සිට මාසික විශ්‍රාම වැටුප හිමි වුණා.

මහ බැංකු අධිපතිවරයාට අවසන් වරට ගෙවූ මූලික වැටුපෙන් සියයට 74කට සමාන මාසික විශ්‍රාම වැටුපක් ඔහු සේවය කළ වසර ගණන නොසලකා ලබා ගැනීමට එමගින් හිමිකම් ලබාදී තිබෙනවා.

නව ගැසට් නිවේදනයට අනුව මින් පසු කිසිදු මහ බැංකු අධිපතිවරයෙකුට විශ්‍රාම වැටුපක් හිමිවන්නේ නැහැ

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *