Live 24

January 23, 2026
☀️Clear sky, 27°C
January 23, 2026
☀️Clear sky, 27°C
  • Home
  • News
  • මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි
Image

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කළේය.

ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කළේය.

තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ යේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළාය.

මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය. 

එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *