මල හත්තිලව්වයි චාමුදිතට ගැහුවේ පොලිසින්මයි!

චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යට ගසා තිබූ විමර්ශන යළි ආරම්භ කළ බව පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය යොදවාගෙන අනීතික මැරකම් කිරීම සම්බන්ධව මෙම සිද්ධියේදී පොලිසියට චෝදනා එල්ල වී තිබීම ද විශේෂත්වයක්.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධව අවසානයේ සිටියේ කොළඹ අපරාධ කොට්ඨාසායේ නිලධාරීන් බව කියැවිනි.

පිළියන්දල වෑවල කේම්බ්‍රිජ් කෝට් හි චමුදි පදිංචි වී සිටින නිවස පිහිටියේය.

පසුගිය 2022 පෙබරවාරි 14 අලුයම පැමිණි සිව් දෙනෙකුගෙන් යුතු නාඳුනන කණ්ඩායමක් ගල් සහ අසූචි ප්‍රහාරයක් චමුදිතගේ නිවසට එල්ල කර තිබුණා.

සුදු වෑන් රියකින් පැමිණි මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා ප්‍රධාන දොරටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විමර්ශන අංශ කියා සිටියි.

දේශපාලකයන් සහ තමන් සමග සම්මුඛ සාකච්ඡාවට එක්වන්නන් ඍජුව ප්‍රශ්න කරන චමුදිත ප්‍රහාරයට ලක්වන වකවානුවේ ඉදිරිපත් කළ ටෘත් විත් චමුදිත වැඩසටහන් කීපයක් රටේ පිරිසක් අතර දැඩි ආන්දෝලනයට ලක්ව තිබුණා.

සිද්ධිය වුන අවස්ථාව චමුදිතගේ බිරිය හිරන්ති මාධ්‍යයට විස්තර කළේ මෙසේය.

අප පහළට යන්න බයේ හිටියෙ. මුලින්ම හිතුවෙ හොරු කියලා. වෙඩි සද්දයකුත් අහුණා.

පහළ ගිහින් කැමරාව බලනකොට තුන්දෙනෙක් ඇවිත් ඉන්නවා දැක්කා.

සාමාන්‍යයෙන් සිකියුරිටි එකෙන් අපිව හම්බවෙන්න කෙනෙක් එනවා නම් එන්න කලින් අපිව දැනුම්වත් කරනවා. එහෙම කරන්න දීලා නෑ සිකියුරිටි ඉන්න කෙනාට.

පස්සෙ සිකියුරිටි එකට කතා කළාම තමයි එයා වෙච්චි සිද්ධිය කිව්වෙ. හතර දෙනෙක් ඇවිත් තියනවා.“

දින දෙකකට පසු සිද්ධිය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන නිකුත් වූ අතර, සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳ මේ පිරිස පැමිණි ආකාරය එම සීසීටීවී දර්ශනවල දකින්නට ලැබිණි.

උක්ත සීසීටීවී දර්ශන පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 9ක් යොදවා තිබුණා. එම කණ්ඩායම් සඳහා පොලිස් නිලධාරීන් 60ක් පමණ අනුයුක්ත කර තිබිණ.

එහෙත් මෙම සිද්ධිය සිදුවූ ආකාරය තවමත් අනාවණය කර ගැනීම නොහැකි වීම කණගාටුවට කාරණයක්. කෙසේවෙතත් මෙම ප්‍රහාරයට කොළඹ අපරාධ කොට්ඨාසයේ සම්බන්ධයක් පවතින බවට මේ වන විට විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යයන් හරහා තොරතුරු හුවමාරු වෙමින් පවතී.

එවන් තත්ත්වයක මෙම සිදුවීමට මුහුණ දුන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ද අප විමසීමක් සිදු කළා.

එහිදී ඔහුද කියා සිටියේ මෙම ප්‍රහාරටය කොළඹ අපරාධ කොට්ඨාසයේ සම්බන්ධයක් පවතිනවාය යන කාරණය සම්බන්ධයෙන් තමන් වගකිවයුතු අදාල සියලුම අංශයන් මේ වන විට ලිපි මාර්ගයෙන් දැනුවත් කර ඇති බවයි.

නමුත් අපරාධ කොට්ඨාසයට එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි චමුදිත සමරවික්‍රම මහතා පැවසුවේ.

මේ අනුව මෙම සිදුවීමට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයට ඇගිල්ල දිගුවීම බරපතල කාරණයකි.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect