Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
Image

මධ්‍යම පළාත් සභාවෙත් වාහන 31ක් අතුරුදන්

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරන බවටද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නැහැ.

එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංහයට අයත් වාහන 01ක් පිළිබදවද තොරතුරු අනාවරණය කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන්.

වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කර තිබෙන්නේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවයි.

මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *