Live 24

Tuesday
January 21, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
January 21, 2025
Image

මධ්‍යම පළාත් සභාවෙත් වාහන 31ක් අතුරුදන්

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරන බවටද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නැහැ.

එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංහයට අයත් වාහන 01ක් පිළිබදවද තොරතුරු අනාවරණය කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන්.

වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.

මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කර තිබෙන්නේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවයි.

මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම විගණන වාර්තාව නිකුත් කර තිබුණා.

Releated News

වැලිවලින් ගහපු ගැහිල්ලක්

වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල…

Jan 21, 2025
නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන…

Jan 21, 2025
විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව…

Jan 20, 2025
ඉතිහාස ගත වූ ව්‍යවසායකයා

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි. 1987 දී…

Jan 20, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *