Live 24

Friday
March 14, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
March 14, 2025
  • Home
  • Local
  • මට උදේ රෑ කරන්න වෙලා තියෙන්නේ මුදලාලිගේ වැඩේ – හඳුන්නෙත්ති
Image

මට උදේ රෑ කරන්න වෙලා තියෙන්නේ මුදලාලිගේ වැඩේ – හඳුන්නෙත්ති

මෙරට ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙකු බවට පරිවර්තනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු Made in Sri Lanka ලාංඡන ප්‍රදානය දෙවන වසරට යාවත්කාලීන කිරීමේ උත්සවයට එක්වෙමින් ඊයේ ( 24) අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Made in Sri Lanka යන සන්නාමය වැදගත් වන්නේ අපේ රටේ නිෂ්පාදන අනෙක් රටවල්වල නිෂ්පාදනවලට වඩා කුමන අනන්‍යතාවයක් යටතේ වෙනස් වන්නේද යන පදනම මත බව සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී අවධාරණය කළා.

“අපේ රටේ ඉන්නේ ව්‍යවසායකයෝද ව්‍යාපාරිකයෝද  කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ව්‍යාපාරිකයෝඔ ව්‍යවසායකයෝ වෙන්නේ කොහොමද කියන එක. අපේ අමාත්‍යාංශයේ අරමුණ වගකීම වෙන්නේ කර්මාන්ත, ව්‍යවසායකත්වය දියුණු කිරීම. හැබැයි කර්මාන්ත ඇමති විදියට මට කරන්න වෙලා තියෙන්නේ උදේ 6 ඉඳලා රෑ 12 විතර වෙනකම් බඩු විකුණන්න.මුදලාලි කෙනෙක්ගේ කාර්ය භාරය තමයි මම මේ දවස්වල කරන්නේ. උදේම පටන්ගන්නවා සීනි විකුණන්නේ කොහොමද කියලා…ඊට පස්සෙ ගන්නවා සෝල්ට් එකෙන්. ලුණු ගෙන්නන්න දැම්ම තාම ආවේ නැහැ. ලුණු නැහැ මාර්කට් එකේ මොකද කරන්නේ අහනවා.ඊට පස්සේ එනවා පොල් නැහැ කියලා..ඊට පස්සෙ එනවා ඔටෝ මොබයිල් කට්ටිය..මහජන දිනයට ආවම මම පොලී මුදලාලි වගේ ඔක්කොම එන්නේ ණය ඉල්ලගෙන…මේක තමයි තත්වය. මුලින්ම අපි කරගන්න ඕන අපේ රටේ ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙක් කරගන්න එක”

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *