Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
Image

බහාලුම් රථ 1000කට ආසන්න ප්‍රමාණයක් වරායේ හිරවෙලා

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 – 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (9) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතු වී ඇති බවයි.

මේ හේතුවෙන් බහාලුම් රථ නිෂ්කාශනය කරගැනීමට ඇති තදබදය හේතුවෙන් සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවද ඒ මහතා පවසනවා.

මේ අතර බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ද 20%කින් පමණ ඉහළ යා හැකි බවයි වාප්පු සේවක සංගමය පවසන්නේ.

එම සංගමයේ නියෝජ්‍ය සභාපති ඒ.ජේ.එම්. ජවුෆර් මහතා පවසා සිටියේ, බහාලුම් ප්‍රමාදය හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඊට හේතුව බවයි

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *