Live 24

Sunday
June 22, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
June 22, 2025
Image

පොහොට්ටුවෝ මට ඡන්දෙ දීලා නැහැ

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණේ පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

පොදු ජන පෙරමුණේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමාට සහාය දීම සඳහා පැමිණියද ඔවුන් සමග ජනතාව පැමිණ නැති බවත් පොහොට්ටුවේ බහුතර පිරිස අනුර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර තිබෙන බවත් පවසා තිබෙනවා.

ඒ අනුව ඊළඟට කළ යුතුව ඇත්තේ මහ මැතිවරණයට සූදානම් වීම බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එහිදී එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් මෙන්ම පාක්ෂිකයන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වීම සුදුසු බවයි.

ජනාධිපතිවරයාද එම අදහස අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම අලුත් මුහුණු හතරක්වත් ඉදිරිපත් කළ යුතුව බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසු බව සඳහන්.

Releated News

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට…

Jun 18, 2025
කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය…

Jun 16, 2025
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *