Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • News
  • පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි ගණනක බදු පොල්ලක්
Image

පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි ගණනක බදු පොල්ලක්

පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය විගණන වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම මෙලෙස බදු දුන් තවත් ඉඩම් අක්කර 1588 ක් වෙනුවෙන් අයකළ යුතු බදු මුදල කොතෙක්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද විගණන කාර්යාලය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2023 ට අදාළව නොබෝදා නිකුත් කර ඇති මෙම විගණන වාර්තාවේ සඳහන් වනවා.

මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ජූලි මස පැවැති රැස්වීමකදී හිඟ බදු මුදල් ගෙවීමට හා ඉදිරියේදී බදු නියමානුකූල කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විසින් පොල් වගා කිරීමේ මණ්ඩලය වෙත දැනුම් දුන් බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී තිබෙනවා.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *