Live 24

Saturday
May 31, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
May 31, 2025
Image

පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින්

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පැවසීය.

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400ක් 2600ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පරේෂණායතනය පුරෝකථනය කර ඇති බව ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

එයට විසඳුමක් ලෙස රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා හිඟ පොල් ගෙඩි මිලියන 200ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් කියා සිටියේය.

මේ අතර පොල් පොහොර කිලෝ 50ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවැසුවේය. 

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බව ද කියා සිටියේය.

එමෙන්ම පොල් වගාකරුවන්ට ජලසම්පාදනයට සහ පස සංරක්ෂණය සඳහා සහනාධාරයක් ලබාදෙන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Releated News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් අභාවප්‍රාප්ත වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ…

May 30, 2025
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙයි

අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අද (29) දහවල් අපවත් වුණා.…

May 29, 2025
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට…

May 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *