Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
Image

පොල් කිරි, පොල් සම්බෝල නිසා පොල් නාස්ති වෙනවා – ඇමති චතුරංග

පොල් බහුල ලෙස ගෘහස්ත පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ව්‍යවසායකත්ව සංවර්ධන නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ, ඊයේ (22) පැවති ප්‍රවෘත්ති සාකඡාවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“දැන් තියෙන අර්බුදය තමයි දේශීය පොල් පරිභෝජනයට පොල් ලබා ගැනීමත්, සැපයුමේ අඩුවීමත් නිසා.

අපනය්න කර්මාන්තයත් අර්බුදයට ලක් වෙලා අපි නිතර පරිභෝජනය කරන පොල් ගෙඩියත් රුපියල් 200 ගාණට ගියා. ගෙදර පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක තමයි අපි ඉන්නේ. මොකද අපි පොල් කිරි විදිහට පාවිච්චි කරනවා, සම්බෝල විදිහට පාවිච්චි කරනවා. මේ ක්‍රියාවලි දෙකේම පොල් සෑහෙන ප්‍රමණ්යක් අපතේ යනවා. ඒ වගේම පොල් කට්ට සහ පොල් වතුර කියන දෙකත් ඩොලර්. ඉතින් ඒවත් අපතේ යනවා. ඉතින් පොල් කිරි වෙනුවට අපිට ආදේශ කළ හැකි නිෂ්පාදන ප්‍රමුඛ්හත්වයක් දීලා අපිට විකල්ප ලෙස භාවිතා කරන්න පුළුවන් නම් ඒ ඉතිරි වෙන පොල් ටිකත් අපනයනය කිරීම සදහා ඩොලර් උත්පාදනයට ලබාගන්න හැකියාවක් තියෙනවා.

ඉතින් මේ අර්බුදය විසදගන්න තමයි ඔවුන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඔවුන්ගේ අපනයනය සදහා අවශ්‍ය කරන පොල් කිරි, පොල් මද ආනයනය කරලා අපනයනය සදහා මේ සදහා ලබාදෙන්න කියලා අර පොල්ගෙඩි මිලියන 200ක ප්‍රමාණයේ මද සහ කිරි ගෙන්නන්න දෙන්න කියන ඉල්ලීම තමයි ඔවුන් ඒ කළේ. මොකද හාල් වගේ අමාරුවේ වැටෙන්න අවශ්‍ය නෑ දත්ත අපි හොයාගෙන හරියට කල් තියා තීරණ ගත්තොත්.”

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *