පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

‘පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න’ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විශාල පිරිසක් පීඩාවට පත්වී සිටින බවත් මරණ රැසක් වාර්තා වී තිබෙන බවත් විශාල පිරිසක් අවතැන් වී සිටින බවත් නිවාස සහ දේශපළ හානි රැසක් වාර්තා වන බවත් තවත් පිරිසක් ගංවතුරට කොටු වී ඇති බවත් ඔවුන්ව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

එම වැඩපිළිවෙළට සියලුම දෙනා එකතු විය යුතු බවත් ජනතාව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම සෞඛ්‍ය අංශවලට, ආපදා කළමනාකරණ අංශවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි ඉක්මනින් ප්‍රතිපාදන ලබාදීම සිදුකළ යුතු බවත් ගංවතුරට කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු පහසුකම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බවත් නාය යෑමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් අවදානමට ලක්වුණ ප්‍රදේශවල සිටින ජනතාවට රාජ්‍ය නිලධාරින් ලබාදෙන උපදෙන් පිළිපදින්න කටයුතු කළ යුතු බවත් ඒ අනුව අවදානමට ලක්වුණ ජිවිත බේරා ගැනීමට පහසු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රට පුරා විදුලිය බිද වැටිම් සිදුවී ඇති බවත් පස් කදු නාය යෑම් සිදුවී ඇති බවත් මෙම තත්ත්වයන් යළි පිළිසකර කිරීමට අවශ්‍ය ප්‍රතිපාද, යන්ත්‍ර සූත්‍ර, ලබාදීමට කටයුතු කළ යුතු බවත් ත්‍රිවිද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා විපක්ෂයෙන් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට කැපවී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අදාල ආයතනවලට මුදල්‍ ප්‍රතිපාදන ලබාදීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව තිබෙනවානම් සුදුසු බවත් එම මුදල් ප්‍රමාණය හැකි ඉක්මනින් ලබාදීම සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ව්‍යවසන තත්ත්වයන්ට ලක්වුණ පිරිස්වෙත සහන ලබාදීමට අමතර මුදලක් රජයට වැය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රජය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවානම් ඒ සඳහා සහාය ලබාදීමට සුදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මුදල් වෙන් කිරීමේදී එම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කඩිනමින් යැවීම ඉතාමත් වැදගත් බවත් වෙන් කළ මුදල්වලින් අපදාවන්ට ලක්වුණ ජනතාවට ලබාදීමද වැදගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect