Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • පැවරුණු වගකීම ගැන නව කථානායකගෙන් ප්‍රකාශයක්
Image

පැවරුණු වගකීම ගැන නව කථානායකගෙන් ප්‍රකාශයක්

ජනතා අභිලාෂ හා අපේක්ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (17) උදෑසන පාර්ලිමේන්තුවේදී නව කථානායක ධුරයේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට තමා වෙත පැවරී ඇති බවද ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී අවධාරණය කළා.

“මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.”

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *