Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • News
  • පැවරුණු වගකීම ගැන නව කථානායකගෙන් ප්‍රකාශයක්
Image

පැවරුණු වගකීම ගැන නව කථානායකගෙන් ප්‍රකාශයක්

ජනතා අභිලාෂ හා අපේක්ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (17) උදෑසන පාර්ලිමේන්තුවේදී නව කථානායක ධුරයේ වැඩ ආරම්භ කිරීම සනිටුහන් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බැවින් සියලුදෙනා අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවයි.

පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට තමා වෙත පැවරී ඇති බවද ජගත් වික්‍රමරත්න මහතා මෙහිදී අවධාරණය කළා.

“මා මෙම උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයින් ලෙස ඔබ සියලුදෙනාගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමට මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙනවා. මුළු සභාවටම නැවතත් ස්තූතියි. 10 වන පාර්ලිමේන්තු ජාති ආගම් භේදයෙන් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශි පර්ලිමේන්තුවක් බවට පත්කිරීමට සියලුදෙනාගේ සහයෝගය නැවත ඉල්ලා සිටිමි.”

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *