Live 24

January 23, 2026
☀️Clear sky, 25°C
January 23, 2026
☀️Clear sky, 25°C
  • Home
  • Local
  • පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්
Image

පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්

‍2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් රජය දේශපාලන වාසි තකා යොදාගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

මෙවැනි ඛේදවාචකයක් දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගන්නා ලෙසත් එවැනි ක්‍රියා කපටි හා ලැජ්ජා සහගත බවත් ඔහු විසින් සිය නිළ ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබෙනවා.

නාමල් මහතා පෙන්වා දෙන්නේ එවකට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගවලට අනුකූලව, විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිසමේ (PCoI) අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වන දින විධිමත් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි

එම වාර්තාව 2021 පෙබරවාරි 25 වන දින පමණ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බවත් එය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවය හරහා ලබා ගත හැකිබවත් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මෙම වාර්තාවේ අන්තර්ගතය දැනටමත් නීතිපතිවරයා සතුව පවතින බවත් සම්පූර්ණයෙන්ම දැනුවත් කර තිබෙන බවත් නාමල් මහතා පවසනවා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026
විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
1 Comments Text
  • Felipa Johns says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    SMM Bayi
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *