Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
  • Home
  • Local
  • පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්
Image

පාස්කු ප්‍රහාරය දේශපාලන මෙවලමක් කරගන්න එපා-නාමල්

‍2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වත්මන් රජය දේශපාලන වාසි තකා යොදාගන්නා බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා.

මෙවැනි ඛේදවාචකයක් දේශපාලන මෙවලමක් ලෙස යොදා නොගන්නා ලෙසත් එවැනි ක්‍රියා කපටි හා ලැජ්ජා සහගත බවත් ඔහු විසින් සිය නිළ ‘X’ ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබෙනවා.

නාමල් මහතා පෙන්වා දෙන්නේ එවකට ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද නියෝගවලට අනුකූලව, විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විමර්ශන කොමිසමේ (PCoI) අවසන් වාර්තාව 2021 පෙබරවාරි 23 වන දින විධිමත් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවයි

එම වාර්තාව 2021 පෙබරවාරි 25 වන දින පමණ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බවත් එය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවය හරහා ලබා ගත හැකිබවත් සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

මෙම වාර්තාවේ අන්තර්ගතය දැනටමත් නීතිපතිවරයා සතුව පවතින බවත් සම්පූර්ණයෙන්ම දැනුවත් කර තිබෙන බවත් නාමල් මහතා පවසනවා.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025
1 Comments Text
  • Felipa Johns says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    SMM Bayi
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *