Live 24

Friday
March 14, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Friday
March 14, 2025
Image

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජාත්‍යන්තරයෙන් ප්‍රතිචාර

2019 පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා.

මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ, පාස්කු ප්‍රහාරයේ වගකීම් උල්ලංඝණය කළ බවට චෝදනා ලැබු පුද්ගලයින් උසස් තනතුරු සඳහා පත්කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියේ, බොහෝ මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මේ වනවිට අවිනිශ්චිත බව ද 2021 සහ 2023 වසර අතර දරිද්‍රතා අනුපාතය පවා දෙගුණයකින් ඉහළ ගොසින් ඇති බවයි.

එමඟින් වැඩි වැඩියෙන් කුටුම්භවලට අධ්‍යාපනය හෝ පෝෂණය අතරින් ආහාර හෝ සෞඛ්‍යය තෝරා ගැනීමට බල කර තිබෙන බව මහකොමසාරිස්වරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට එළැඹ ඇති අතර එතුළින් අලුතින් තේරී පත්වන පරිපාලනය වගවීම, යුක්තිය සහ ප්‍රතිසන්ධානය සහතික කිරීම සඳහා අවශ්‍ය පරිවර්තනීය වෙනස්කම් සඳහා කැපවිය යුතු බව මහකොමසාරිස්වරයා පැවසුවා.

බලයේ සිටින අය ඉදිරි මැතිවරණවලට පෙර හෝ පසුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සහ සාමකාමීව රැස්වීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රජාව මෙම පරිවර්තනයට සහය දිය යුතු වන බව ද ඔහු කියා සිටියා.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ අපරාධ විමර්ශනයේ ද සීමිත ප්‍රගතියක් රජය අත්පත් කරගෙන තිබෙන බව මහකොමසාරිස් වොල්කර් ටර්ක් කියා සිටියා.

Releated News

ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ සම-තරගකරුවෙකු කිරීම රජයේ අපේක්ෂාවයි

නවෝත්පාදන ක්ෂේත්‍රයේ සම-තරගකරුවෙක් නොවන ශ්‍රී ලංකාව,  අනෙකුත් රාජ්‍ය හා සම-තරගකරුවෙකු බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර…

Feb 21, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල බැටරි විදුලි ව්‍යාපෘතිය ආරම්භ වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ජල බැටරිය’ වන මහ ඔය පොම්ප කළ ජල  ගබඩා විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලංකා…

Feb 21, 2025
පාස්පෝර්ට් ගන්න එන අයට විශේෂ දැනුම්දීමක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් එක්දින සේවය යටතේ ඉල්ලුම් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පමණක්…

Feb 21, 2025
පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී…

Feb 21, 2025
1 Comments Text
  • Scottie says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hello there! Do you know if they make any plugins to help with Search Engine Optimization? I’m trying to get my site to rank for some targeted keywords but I’m not seeing very good gains. If you know of any please share. Appreciate it! I saw similar blog here: Warm blankets
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *