Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
Image

පාතාල ක්‍රියා ගැන මහජන ආරක්ෂක ඇමතිගේ විශේෂ ප්‍රකාශය

රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ පාතාල ක්‍රියා සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“භේදයකින් තොරව පොලිස් නිලධාරියෙක්ද, හමුදා නිලධාරියෙක්ද, අපරාධකරුවෙක්ද, කියන එක පදනමකින් තොරව ඕනෑම සිද්ධියකට සම්බන්ධ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට අපි පසුබට වෙන්නේ නෑ.

මිද්දෙණිය සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ සැකකරුවන් අතරත් පොලිස් නිලධාරියෙක් ඉන්න බව පැහැදිලි වෙලා තියෙනවා. ඊයේ දිනයේදී ගරු ජනාධිමා මං හිතන්නේ උපදේශ කාරක සභාවේදී අවධාරණය කරා වගේම මේ පාතාල ක්‍රියාකාරකම් සඳහා සමහර රාජ්‍ය ආයතන වල අනුග්‍රහයෙන් ලැබෙන බවට පැහැදිලි. විශේෂයෙන් පොලීසිය.

මම පොලිසිය භාර නැත්නම් මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ඒ ගැන දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ පිළිබඳව තින්දු තීරණ අරන් තියෙනවා. ඉදිරියටත් ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මම මේ ගරු සභාවට කියන්න කැමති කිසිදු ලෙසකින් හෝ මේ රටේ ජාතික ආරක්ෂාවට බිඳකික් හෝ බාධාවක් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.”

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *