Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
Image

ප්‍රතිපත්තිගරුක දේශපාලනයකට අනුර සූදානම්

ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් රට තුළ නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගය බව එම පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නොච්චියාගම පැවැති ජන රැලියකදී ඔහු මේ බව සඳහන් කළේ ය.

ජනාධිපතිවරණය ඉලක්ක කර ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් එහි ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නොච්චියාගම දී ඊයේ (09) පස්වරුවේ පැවැත්වුණි.

“රනිල් වික්‍රමසිංහලාට, සජිත් ප්‍රේමදාසලාට අද දේශපාලන වේදිකාවේ කියන්න දේශපාලන කරුණු නැහැ. රනිල් වික්‍රමසිංහ රට ඇතුළේ රැඳවුමක් හදන්න හදනවා මම එයාගේ යාළුවා කියලා. එයා යාළු ඇති. මම නම් යාළු නෑ. අර ඉස්කෝලේ කාළේ පොඩි ආදර කතා තියෙනවා නේද? එක්කෙනෙක් ලව්, අරය ලව් බව දන්නෙවත් නෑ. අන්න ඒ වගේ වැඩක් තමා මේක. ඔය රනිල් වික්‍රමසිංහ යාළුවා යාළුවා කියන්නේ මොකද දන්නවද? ෂේප් කර ගන්න. එයා දන්නවා ජයග්‍රහණය ජාතික ජන බලවේගයට එනවා. ඊට කළින් ෂේප් පාරක් දා ගන්න පුළුවන්ද කියලා ඔය බලන්නේ. හැබැයි යාළුවා කිව්වට ඒ වගේ ෂේප් වෙන්න බෑ. 21 වෙනිදාට පස්සේ රනිල්ට තේරෙයි යාළුවාගේ තරම.”

“මොකද ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නේ මේ රටේ ආණ්ඩු කරපු නරක දේවල් ඔක්කොම නතර කරන්න. මේ ආණ්ඩු කියන්නේ රටේ සම්පත් හොරකම් කර ගන්න එකතු වෙන රංචු, කල්ලි. දැන් බලන්නකෝ සජිත් ප්‍රේමදාස එක ඡන්දයක් තියෙන කෙනෙක් ආවත් ෆොටෝ එකක් දානවා. දැන් තමුන් වහන්සේලා දන්නවා මේ රට විශාල කඩා වැටීමකට පොහොට්ටුව හේතු වුණා. දැන් පොහොට්ටුවේ කට්ටිය කොහෙද ඉන්නේ? සජිත් ගාව. ඇත්තට නේද, කොයි පැත්තෙන් කතා කළත්, හිතන්න ටිකක්. මොන මජර කැත කුණු දේශපාලනයක් ද මේක. අද අපේ රටේ ප්‍රතිපක්ති ගරුක දේශපාලනයක් ඕන. ඒක හදන්නේ ජාතික ජනබලවේගය විතරයි. මතක තබාගන්න.”

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *