Live 24

March 4, 2026
🌤️Mainly clear, 26°C
March 4, 2026
🌤️Mainly clear, 26°C
  • Home
  • උණුසුම් පුවත්
  • පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය
Image

පළාත් සභාවලට ප්‍රදානයන් වෙන් කෙරෙන නිර්දේශ සඳහා කැබිනට් අනුමැතිය

2025 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ජ ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි පළාත් සභා සඳහා අවශ්‍ය සම්පත් අවශ්‍යතාවන් පිළිබඳවත්, පළාත් සභා සඳහා ජාතික අයවැයෙන් වෙන් කෙරෙන ප්‍රදානයන් එක් එක් පළාත් සභාව සඳහා වෙන් කර දීමේ මූලධර්ම පිළිබඳවත් නිර්දේශ ඉදිරිපත් කිරීම මුදල් කොමිෂන් සභාව වෙතපැවරී තිබෙනවා.

ඒ අනුව, එක් එක් පළාත් සභාව වෙනුවෙන් 2025 වර්ෂයේ ජාතික අයවැය මඟින් වෙන් කර දීම සඳහා මුදල් කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබන පුනරාර්වර්තන හා ප්‍රාග්ධන වියදම් අවශ්‍යතා ඇතුළත් වාර්තාව එම කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබුණා.

එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (7) අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *