Live 24

January 23, 2026
☀️Clear sky, 25°C
January 23, 2026
☀️Clear sky, 25°C
  • Home
  • Local
  • නේෂන් ලංකා, සිංහ ෆිනෑන්ස් සමාගම් කෝටි 900ක් පිල්ලි ගහලා
Image

නේෂන් ලංකා, සිංහ ෆිනෑන්ස් සමාගම් කෝටි 900ක් පිල්ලි ගහලා

තැන්පත්කරුවන් දහසකට අධික පිරිසකගේ තැන්පතු සඳහා පොලි නොගෙවූ බවට චෝදනා එල්ල වී ඇති නේෂන් ලංකා සහ සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට් යන ආයතනවල ගනුදෙනුකරුවන් අද (16) කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක නිරත වී තිබෙනවා.

ඒ තමන්ගේ මෙම ආයතනවල තැන්පත් කළ මුදල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින්.

මෙම ආයතනවල සභාපති වන වික්ටර් රමනන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියා.

විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ, මෙම වික්ටර් රමනන් නමැත්තා නවලෝක රෝහලේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙක්ද බවයි.

තමන් 2023 ජූනි මාසයේ සිට මෙම ආයතනවල මුදල් තැන්පත් කිරීමට පටන් ගත් බවද විරෝධතාකරුවන් පැහැදිලි කළා.

එමෙන්ම පොලිසියට භාර දුන් නඩුව මාස 8ක් පුරා විභාග වූ බවත්, පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී අලුත්කඩේ උසාවියට ගෙන ආ බවත් විරෝධතාකරුවන් පවසනවා.

පසුව නේෂන් ලංකා ආයතනයේ සභාපති වික්ටර් රමනන් මෙන්ම මහ මොළකරු ලෙස සැලකෙන චන්දික වීරකෝන් නමැත්තා මෙම වංචාවට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව ඔවුන් එහිදී කියා සිටියා.

ඔහු මේ වන විට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයේ පසුවන බව විරෝධතාකරුවන් සඳහන් කළා.

මෙම වංචාවෙන් වංචා කළ මුදල රුපියල් කෝටි 900ක් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති පුද්ගලයින් 1,200ක් පමණ සිටින බවත් විරෝධතාකරුවන් පෙන්වාදෙනවා.

විරෝධතාවයේ නිරත වී සිටි කාන්තාවක් මෙලෙස අදහස් පළ කළා.

” අපි නේෂන් ලංකා ආයතනයට මේ මුදල් දාන්න පෙළඹුණේ අපේ මාකටිය නිසා. නැතුව අපි නේෂන් ලංකා එකේ කිසි කෙනෙක් ගැන දැනගෙන හිටියේ නෑ. මාකටිය කමර්ෂල් ක්‍රෙඩිට් අපි කලක ඉඳන් කමර්ෂල් ක්‍රෙඩිට් එකේ ආයෝජනය කරලා තිබ්බේ. එයානේෂන් ලංකා ආයතනයේ වැඩට එනවා. නේෂන් ලංකා ආයතනයේ නේෂන් ලංකා ප්‍රවර්ධන නිලධාරියෙක් විදිහට. ඊටප්ස්සෙ අපි එයාව හම්බෙන්න ගියාම, අපිට එයා හඳුන්වල දෙනවා මෙහෙම කමර්ෂල් පේපර්ස් දෙනවා කියල ප්‍රමෝෂන් එකක් යනවා මෙහෙම කියලා.

ඊට පස්සේ අරකේ කමර්ෂල් ක්‍රෙඩිට් ස්ටාෆ් එකේ 40 ගානක් මේකට ඇවිල්ලා ඉන්නවා. ඒක කඩා වැටෙන්න යන්නේ මේකේ සල්ලි මං ඉද්දි ඒවා ආරක්ෂා කරලා දුන්නා. අපිට බයයි මේක තියාගන්න එ හින්දා ඔයාලා මේක ඉන්වෙස්ට් කරන්න කියලා. 2023 හයවෙනි මාසෙ ඉඳන් තමයි ඒ සල්ලි ඒකට දාන්න පටන් ගත්තේ.

2024 6 ,7 වෙනි මාසෙ වෙද්දි මිනිස්සුන්ට පොලි මුදල හම්බෙන එකක් නැහැ, නැතිවෙච්ච මේකත් නැහැ , ඊට පස්සේ අපි පොලිසියට පැමිණි දාන්න පටන් ගත්තා. නඩුවක් ගියා. ඒ නඩුව මාස අටක් ගියා. CID එකට නඩුව භාර දුන්නම අලුත් කඩේ උසාවියට මේ නඩුව ආවා.ඉතින් අපිට පස්සෙ විස්තර දැනගන්න ලැබුණේ, මේකේ නේෂන් ලංකා ආයතනයේ සභාපති කියන්නේ වික්ටර් රමණන් කියන එකයි, මේකට ගොඩක් සම්බන්ධයි.මේකෙ ඉන්නව දැන් රිමාන්ඩ් කරලා මාස හතරක් මහමොළකරුවන චන්දික වීරකෝන්. තව ඉන්නවා. මේ කට්ටිය මේකට හවුල් කියලා පස්සේ තමයි විස්තර දැනගත්තේ.

වංචාව කෝටි නවසීයක්. මිනිස්සු ඉන්නව 1200 ක් පැමිණිලි CID එකට දාලා. මේක අපිට මිනිස්සුන්ට දැනුවත් කරන්න වුවමනාවක් තිබ්බා. මේක තාම ඇවිස්සිලා ඇවිල්ල නැහැ.මීඩියා වලට කිව්වට ලංකාව පුරා පැතිරුණේ නැහැ”

ඉහළ පොලී අනුපාත ප්‍රදානය කිරීමේ පොරොන්දුව මත මහජනතාවගෙන් විශාල මුදල් ප්‍රමාණයක් රැස්කර ගත් නේෂන් ලංකා ෆිනෑන්ස් හා සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ආයතන සම්බන්ධයෙන් මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ නඩුවක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය අප්‍රේල් 07 වන දින  විභාගයට ගෙන තිබුණා.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *