Live 24

Sunday
March 23, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
March 23, 2025
  • Home
  • Sinhala
  • නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ
Image

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවලත් ප්‍රචාරණ කටයුතු බැහැ

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවා අහිමිවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

නොවැම්බර් 11 වනදා මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්වී නිහඬ කාලය ආරම්භ වන බව ඔහු සඳහන් කළා.

(08) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියේ එම කාලය තුළ කිසිඳු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අපේක්ෂකයින් සහ අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.

නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන ප්‍රචාරණ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Releated News

හර්ෂ නැත්තම් විපක්ෂයකුත් නැහැ – වසන්ත සමරසිංහ

හර්ෂ නොසිටින්න විපක්ෂයක් නොමැති බවත් ඉදිරියේදී හර්ෂ ද සිල්වා විපක්ෂ නායක වීමේ හැකියාවක්ද පවතින බවත්, වෙළෙඳ, වාණිජ ,ආහාර…

Mar 20, 2025
ආනයනික වාහන ලබන සතියේ සිට වෙළඳපොළට

ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති…

Mar 20, 2025
Breaking: දේශබන්දු යළි රිමාන්ඩ්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට…

Mar 20, 2025
වට්ස්ඇප් ස්ටිකර් භාවිත කරන අයට සුබ ආරංචියක්

මෙටා සමාගම විසින් වට්ස්ඇප් යෙදවුම සඳහා නවමතම යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව දෙන ලද අවස්ථාවක ගනු…

Mar 19, 2025
2 Comments Text
  • HealXO says:

    Your writing is a true testament to your expertise and dedication to your craft. I’m continually impressed by the depth of your knowledge and the clarity of your explanations. Keep up the phenomenal work!

  • eco flow says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Hi i think that i saw you visited my web site thus i came to Return the favore I am attempting to find things to improve my web siteI suppose its ok to use some of your ideas
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *