Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • Local
  • නාගරික සංවර්ධන අධිකාරිය ලක්ෂ2960ක් වතුරේ යවලා
Image

නාගරික සංවර්ධන අධිකාරිය ලක්ෂ2960ක් වතුරේ යවලා

නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජගිරිය උබේසේකරපුර, අරුණෝදය මාවතේ ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි පවුල් 350ක් සඳහා තට්ටු 20කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර පසුව තට්ටු 02ක් පමණක් සම්පූර්ණ කර තිබියදී, නිවාස යෝජනා ක්‍රමය අතරමග නතර කර ඇති බවට නවතම විගණන වාර්තාවකින් අනාවරණය වනවා.

ඒ වෙනුවෙන් වැය කරන ලද රුපියල් ලක්ෂ 2960ක වියදම නිෂ්කාර්ය වී ඇති බව එම විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි, මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 19238.5ක්.

මෙම නිවාස ව්‍යාපෘතිය 2020 වර්ෂයේ මැයි මස 05 වන දින ආරම්භ කර ඇති අතර, 2023 ඔක්තෝබර් 30 අවසන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණා.

එහෙත් එම විගණන වාර්තාවේ සඳහන් වන පරිදි කොන්ත්‍රාත්කරුවන් 10දෙනෙකුගේ දුර්වල ක්‍රියාකාරිත්වය සහ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රමාද වීම නිසා 2022 මාර්තු 29 ව්‍යාපෘතිය අතරමග නතර කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ වන විට ව්‍යාපෘතියට රුපියල් ලක්ෂ 2960ක මුදලක් වැය කර තිබූ බව විගණනය මගින් හෙළි කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ මහල් දෙකක් පමණ සාදා නතර කර ඇති අතර, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව විගණනය මගින් අනාවරණය වි තිබෙනවා.

සැප්තැම්බර් මස 23වන දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් මේ බව අනාවරණය වනවා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *