Live 24

Tuesday
July 1, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
July 1, 2025
Image

දෙවන පෙත්සමත් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූලි 15) නියෝග කර තිබේ.

ඊට අදාළ නඩු ගාස්තුව ජූලි 31 වන දාට පෙර ගෙවිය යුතු බව එහිදී පෙත්සම්කරුට නියෝග කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලා ඇත.

ජූලි 11 වන දා මෙම පෙත්සම නීතිඥවරයෙකු වන අරුණ ලක්සිරි උණවටුන විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කර තේරී පත් වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බව ය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බව ත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කර තිබුණත් එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව ත් පෙත්සම්කරු සඳහන් කර තිබිණි.

එසේ තිබියදී 19 වන සංශෝධනය තවදුරට ත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදිසහගත බව ඔහු පෙත්සම මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබිණි.

මේ අතර, සී.ඩී. ලේනව නමැති ව්‍යාපාරිකයෙකු ද ජනාධිපතිවරණය කල් දාන්නයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සම ද විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූලි 8 වන දා නියෝග කළේ ය.

Releated News

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා එළැඹෙන ජූලි…

Jun 28, 2025
ශානිට ලොකු තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ශානි අබේසේකර මහතා පත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පොලිස්…

Jun 28, 2025
රාජිතවත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් ඊයේ (27)…

Jun 28, 2025
කෙහෙළිය පවුලටම අධි චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනාට එරෙහිව අල්ලස් කොමිසම…

Jun 26, 2025
1 Comments Text
  • itsnewsed says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I have read some excellent stuff here Definitely value bookmarking for revisiting I wonder how much effort you put to make the sort of excellent informative website
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *