Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • Sinhala
  • දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?
Image

දෙනකෙනාටයි ගන්න කෙනාටයි අවුලක් නැත්තම් අනිත් අයට පාන් ද?

සිය පක්ෂයේ දේශපාලන සංස්කෘතිය තුළ දේශපාලනය කරන පුද්ගලයන්ට විවිධ අයුරින් දේශපාලනය කිරීමේ හැකියාව පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඒ අනුව, ජාතික ජන බලවේගය තුළ වත්කම් තිබෙන අය, පුද්ගලික වත්කම් යොදා නොගන්නා පිරිස් මෙන්ම, වත්කම් නොමැති පිරිස්වලටද පූර්ණ කාලීනව දේශපාලනය කළ හැකි බව ඔහු පවසා සිටියා.

ඊයේ (22) පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාකරණය කළා.

නමුත්, අනෙකුත් දේශපාලන පක්ෂවලට එය කිරීමේ හැකියාවක් නොමැති බව පැවසු අමාත්‍යවරයා ඔවුන් මහජන ධනය මංකොල්ල කෑ පිරිසක් බව ප්‍රකාශ කලා.

මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ම ප්‍රකාශ කර ඇති කෙහෙල් කැන් ලබාදීම හා ඉන්ධන ලබා ගැනීමට ලබාදෙන මුදල් නොගෙන දේශපාලනය කිරීමේ හැකියාවක් ඔවුන්ට නොමැතිද යන්නයි.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ, එම ලබාදීම හා ලබාගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුට ගැටලුවක් පැවතිය නොහැකි බවත්,උදව් කරන කෙනා කැමැත්තෙන් දෙනවා නම්, ගන්න කෙනත් කැමැත්තෙන් ගන්නවා නම්, අනිත් අයට පාන්ද?” යන්නයි.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026
1 Comments Text
  • EverydayJoe says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    I appreciate you taking the time to explain this.
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *