Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
Image

දූෂණ විරෝධී සැලසුමට කැබිනට් අනුමැතිය

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 – 2029 සඳහා කැබිනට් අනුමැතිය හිමි වුණා.

2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන  කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබෙනවා.

රජයේ “Clean Sri Lanka” වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතින ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහාද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි රජය පවසන්නේ.

දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම් වලට අනුකුලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇති.

එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය  කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025-2029 කාලසීමාව සඳහා නව දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා. 

ඒ අනුව, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම – 2025-2029 ක්‍රියාත්මක කිරීම පිණිස  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *