Live 24

Saturday
April 26, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Saturday
April 26, 2025
  • Home
  • News
  • දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් නිදොස් කොට නිදහස්
Image

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් නීති විරෝධී ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය යන චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා විත්තිකරුවන්ට දැනුම් දුන්නේ ය.

17 වැනි චෝදනාව ගොනුකර තිබුණේ, නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙනි.

2018 ඔක්තෝබර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව, මහාධිකරණය විසින් ආර්.දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන්ට 2016 වසරේ සැප්තැම්බර් 08 වැනිදා අදාළ චෝදනාවට නියම කළ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම බල ශුන්‍ය වන බව, විනිසුරුවරයා පැහැදිලි කළේ ය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, අධිකරණයට ඉදිරිපත් කළේ නැත.

එහෙත්, බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළේ ය. 

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025
1 Comments Text
  • igamingpro says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Thank you for the auspicious writeup It in fact was a amusement account it Look advanced to far added agreeable from you However how can we communicate
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *