Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • News
  • තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්
Image

තාත්තගේ කාලයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා – නාමල්

රාජපක්ෂ ආණ්ඩුවේ නිර්දෝශීභාවය ඔප්පුකර පෙන්වීමට තමා සුදානම් බව පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, රට ගොඩනැගීමට ඔවුන්ට සැලැස්මක් තිබූ බවත් සිදු කළ සෑම ආයෝජනයකටම වග කියන බවයි.

ඊයේ (17) කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නාමල් රාජපක්ෂ මහතා,

“අපි ආවට ගියාට පාරවල් හැදුවේ නෑ. අපි ආවට ගියාට මහල් නිවාස හැදුවේ නෑ. ආයෝජකයෝ ගෙනාවේ නෑ. අපි සැලැස්මක් දැක්මක් තිබ්බා මේ රට ගොඩනගන්න.. කරපු හැම ආයෝජනයකටම අපි වග කියනවා. ගත්තු හැම ණයකටම මේ මහ පොළොවට වටිනාකමක් දීලා තියනවා. මහින්ද රාජපක්ෂ යුගයේ ගත්තු හැම ණයකටම අපි වග කියනවා.  

යම්කිසි කෙනෙක් කියනවා නම් අපි හොරා කෑවා කියලා, අපි අභියෝග කරනවා ලෝකයේ ඕනෑම අධිකරණයකට යන්න අපි අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න සූදානම් කියන එක. පහුගිය කාලේ අපෙන් ඇහුවා මේ මැතිවරණවලට මුහුණදෙන්න බයද කියලා අරගලෙන් පස්සේ. අපේ අතේ ලේ නෑ. වැරදි කරලා නෑ. අපි ගැන වෙනස් අවබෝධයක් තියෙන්න ඇති.වැරදි මතයක් තියෙන්න ඇති, හැබැයි අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා ඡන්දයක් දෙන්න කියලා ඉල්ලන්න අපිට ආත්ම ශක්තියක් තියනවා. ඒ ආත්ම ශක්තිය අපිට ගොඩනැගිලා තියෙන්නෙ අපි නිර්දෝශී නිසා සහ අපි හැදිච්ච දේශපාලන පරිසරයත් එක්ක..ඒක තමා මම කියන්නෙ මම අභියෝගවලට ආදරේ කරනවා. මේ රට ගොඩනගලා ඔබේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරන අභියෝගයත් මම ආදරය කරනවා. ඒ අභියෝගය මම ජයග්‍රහණය කරනවා.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *