Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Local
  • ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්
Image

ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ, ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

“අපේ හැඳුනුම්පත දැන් ටිකක් පරණයි. හැඳුනුම්පත අරන් කාඩ් එකත් අරන් මූණත් අරන් යන්න ඕනේ. මුණබලනවා මේයාද කියලා. ඒවා ඉස්සර කරපු දේවල්. දැන් එහෙම නෙමෙයි ඩිජිටල් හැඳුනුම්පතක් දුන්නහම ඒකෙන් කියවන්න පුළුවන්. ඒකෙන් බදුගෙවන්න, බැංකු එක්ක ගනුදෙනු කරන්න ඔක්කෝම කරන්න පුළුවන්. ඩිජිටල් හැඳුනුම්පත නිර්මාණය කිරීමට කෝටි 1,000ක ආධාරයක් දෙන්න ඉන්දියාව එකඟතාවය පළ කළා. කට්ටිය කියනවා ඉන්දියාව දත්ත හොරකම් කරන්න යන්නේ කියලා මුකුත් වෙන්නේ නෑ. අපි දත්ත විද්‍යාව පිළිබඳව ලංකාවේ ඉන්න විශාලම විද්වතුන් එක්ක 24 වෙනිදා වැඩමුළුවක් තිබුණා. දත්ත ඇතුළු කරන්න ගම් ගානේ මධ්‍යස්ථාන 2,300ක් හදනවා රට පුරා. හැබැයි දත්ත ඇතුළු කරන තැනට එද්දි ඉන්දියානු සමාගම යනවා. ඊට පස්සේ තියෙන්නේ අපේ අතේ.”

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *