Live 24

Sunday
April 27, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
April 27, 2025
  • Home
  • Local
  • ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි
Image

ඩයනාගේ හොර පාස්පෝට් නඩුව කැඳවයි

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවා.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත්, එබැවින් අදාළ සාක්‍ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව අදාල ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව නොවැම්බර් මස 4 වනදා කැඳවීමටද නියම කෙරුණා.

2004 වසරේ ඔක්තෝබර් මස 09 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 01 වනදා අතර කාලසීමාව තුළ පානදුර හා කොළඹ ප්‍රදේශවලදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර කූඨ ලෙස මෙරට විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඩයනා ගමගේට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා පත්‍රය ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය අගෝස්තු 27 වන දින මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදු කර තිබුණා.

Releated News

නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025
කාදිනල් හිමි වතිකානයට පිටත් වෙයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ,  ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ…

Apr 23, 2025
මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි…

Apr 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *