Live 24

Sunday
May 18, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Sunday
May 18, 2025
  • Home
  • News
  • ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස්හි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්
Image

ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස්හි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම අතුරු නියෝගය මේ මස 21 වන දා දක්වා බල පැවැත්වෙන බවද එම තීරණයේ සඳහන්.

‘මව්බිම’ ඇතුළු පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝණය කිරීමේ සිද්ධියක් පිළිබඳව පෞද්ගලික සමාගමක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සමේ සඳහන් කර ඇත්තේ, පෙත්සම්කාර සමාගම වන සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබා ගැනීම සඳහා වග උත්තරකාර කේසර ලංකා පෞද්ගලික සමාගම සමග ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවයි.

එමෙන්ම පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව වග උත්තරකාර කේසර ලංකා සමාගම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවටද එමඟින් චෝදනා කර තිබෙනවා.

අනතුරුව, වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවද පෙත්සමේ සඳහන්.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *