Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • News
  • ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස්හි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්
Image

ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස්හි අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම අතුරු නියෝගය මේ මස 21 වන දා දක්වා බල පැවැත්වෙන බවද එම තීරණයේ සඳහන්.

‘මව්බිම’ ඇතුළු පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා කඩදාසි සැපයීමේ ගිවිසුමක් උල්ලංඝණය කිරීමේ සිද්ධියක් පිළිබඳව පෞද්ගලික සමාගමක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සමේ සඳහන් කර ඇත්තේ, පෙත්සම්කාර සමාගම වන සිලෝන් නිවුස්පේපර්ස් පෞද්ගලික සමාගම පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ලබා ගැනීම සඳහා වග උත්තරකාර කේසර ලංකා පෞද්ගලික සමාගම සමග ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවයි.

එමෙන්ම පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට අමාත්‍ය ධූරය අහිමි වීමෙන් පසුව වග උත්තරකාර කේසර ලංකා සමාගම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවටද එමඟින් චෝදනා කර තිබෙනවා.

අනතුරුව, වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවද පෙත්සමේ සඳහන්.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වා ලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *