ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ ඵලදායී සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව නිවේදනය කළා.

ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ නේටෝ මහලේකම්වරයා සමඟ පැවති හමුව ඉතා සාර්ථක වූ බවයි.

එහිදී ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කලාපයේ අනාගතය පිළිබඳ විශේෂ සැලසුමක් සකස් කළ බවත්, ඒ අනුව එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට පැනවීමට තිබූ 10%ක නව තීරුබද්ද ක්‍රියාත්මක නොවන බවත් ඔහු තහවුරු කළා.

තීරුබදු ඉවත් කළද, ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් අතිරේක සාකච්ඡා තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මීට පෙර ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසඳයේදී ද ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ ග්‍රීන්ලන්ත භූමියේ අයිතිය සුරක්ෂිත කර ගැනීමට තමාට අවශ්‍ය බවයි.

කෙසේ වෙතත්, ඒ සඳහා හමුදා බලය භාවිත කිරීමට තමා අදහස් නොකරන බව ඔහු එහිදී පවසා තිබුණා.

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect