Live 24

Tuesday
January 21, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
January 21, 2025
  • Home
  • Local
  • ජෝන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්
Image

ජෝන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක්

සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව අල්ලස් හා දූෂණ කොමිසම ගොනුකර ඇති මෙම නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි 21 සිදු කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු නවරත්න මාරසිංහ අද (27) නියෝග කර තිබෙනවා.

2014 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

අද (27) දින නඩුව කැඳ වූ අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රානාන්දු සහ සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂ කාජා මොහොදින් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

Releated News

වැලිවලින් ගහපු ගැහිල්ලක්

වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල…

Jan 21, 2025
නව පනතක් ගේන තුරු PTA එක ක්‍රියාත්මක කරනවා

ත්‍රස්ත විරෝධී පනත ආණ්ඩුවේ අභිලාශය හෝ ප්‍රතිපත්තිය නොවන අතර නව පනතක් සම්මත කරගන්නා තෙක් එය ඉතා පරිස්සමෙන් පවත්වාගෙන…

Jan 21, 2025
විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව…

Jan 20, 2025
ඉතිහාස ගත වූ ව්‍යවසායකයා

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි. 1987 දී…

Jan 20, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *