Live 24

March 12, 2026
☀️Clear sky, 28°C
March 12, 2026
☀️Clear sky, 28°C
  • Home
  • Politics
  • ජාති ආගම් පන්ති පක්ෂ තරාතිරම් කුමක් වුවත් අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන් – විපක්ෂ නායක සජිත්
Image

ජාති ආගම් පන්ති පක්ෂ තරාතිරම් කුමක් වුවත් අපි හැමෝම ශ්‍රී ලාංකික පුරවැසියන් – විපක්ෂ නායක සජිත්

අප රටේ ආර්ථික අසමතුලිතා මෙන් ම ගැටලුකාරී තත්ත්ව රැසක් ඇති බවත් මේ ගැටලුවලට විසඳුම ගහමරා ගැනීම නොව සාකච්ඡාවෙන් සම්මුතියෙන් අන්‍යෝන්‍ය විශ්වාසයෙන් කටයුතු කරමින් සමස්ත ජනයාගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීම බවත් තමන්ගේ කුලය, ජාතිය, ආගම, තරාතිරම ප්‍රදේශය කුමක් වුවත් මේ රටේ ඉන්නේ එක ම මට්ටමේ පුරවැසියන් බවත් මේ සියලු දෙනා ම ශ්‍රී ලාංකේය පුරවැසියන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට තුළ ජීවත් වන සියලු ම එක හා සමාන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන් ම මහපොළොවේ යථාර්ථයක් විය යුතු බවත් ජාති ආගම් කුල පන්ති පක්ෂ තරාතිරම් භේදයකින් තොරව හැමෝට ම නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බවත් බලවතුන්ට හා පාලකයොන්ට එක නීතියක් හා සාමාන්‍ය ජනතාවට තව නීතියක් මේ වන විට රටේ ක්‍රියාත්මක වුවත් එය වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 12) යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි කරායිනගර් යාල්ටන් විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 234 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.*

*යුද්ධය අවසන් වුවත් ජනතාවගේ අභිලාෂ ඉටු වී නැහැ*

යුද්ධය නතර වී වසර ගණනාවක් වුවත් ජනතාවගේ සංවර්ධන හා දේශපාලන අභිලාෂ සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික හා සෞඛ්‍ය අයිතීන් ඉටු වී නොමැති බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ තේමාව වන ‘ගම හදා නගර හදා රට හදමු’ යන තේමාව අනුව සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කර සුහුරු ගමක් සුහුරු නගර සකස් කර සුහුරු රටක් ගොඩනැංවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*පළාත් හා කොට්ඨාස අතර ඇති අසමතුලිතතාව ඉවත් කළ යුතුයි*

උතුරු පළාතේ මෙන්ම සමස්ත රටේම තරුණ පරපුර දැනුමෙන් නිපුණතාවෙන් කුසලතාවෙන් සවිබල ගැන්විය යුතු බවත් කුසලතාව නිපුණතාව නව තාක්ෂණය කෙරෙහි යොමුකළ යුතු බවත් උතුරු පළතේ මෙන් ම සෙසු පළාත්වල සියලු දෙනා ම එකට එකතු වී දක්ෂ දරුවන් දක්ෂ තාරුණ්‍ය හා දක්ෂ පුරවැසියන් බිහි කළ යුතු බවත් පළාත් හා කොට්ඨාස අතර ඇති අසමතුලිතතා ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*බිම් මට්ටමේ යෝජනාවලින් ප්‍රතිපත්ති ශක්තිමත් විය යුතුයි*

අපේ රටේ ජනතාවගේ යෝජනාවලින් ශක්තිමත් වූ ප්‍රතිපත්තිමාලාවක් සකස් විය යුතු බවත් පාලකයන් හිතන හිතන දේ නොව බිම්මට්ටමේ ජනතාවගේ අදහස්වලින් ප්‍රතිපත්ති පෝෂණය වී වැඩකළ යුතු බවත් ඉහළින් පහළට තීන්දු තීරණ ගැනීමෙන් ඵලක් නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

*ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ වගකීම බලය දේශපාලනඥයා නොව පුරවැසියා සතුවිය යුතුයි*

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරේ මෙන් ම සෙසු පළාත්වලට ලබාදිය යුතු වරම ලබා දෙනවා සේම මෙරට ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ඇතිවිය යුතු බවත් පළාත් 9ක පරිපාලන දිස්ත්‍රික්ක 25ක ප්‍රදේශීය හා උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341ක ග්‍රාම නිලධාරීන් වසම් 14021ක ගම්නගර 51000ක් ඇති බවත් ග්‍රාම රාජ්‍ය වැඩසටහන තුළින් ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ වගකීම බලය දේශපාලනඥයා නොව පුරවැසියා සතුවිය යුතු බවත් ඒ යුතුකම සමගි ජන බලවේග රජයක් තුළ ඉටු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 234ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2620ක් වැය කර තිබේ.*

Releated News

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් මෙරටට..

ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වන බව ලිටෝ සමාගම පවසයි. එහි සභාපති…

Feb 25, 2026
ඇවන්ගාඩ් සමාගමේ පෙත්සම් ඉවතට

ඇවන්ගාඩ් සමාගම විසින් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කරගන්නා ලෙස ඉවත් කරගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින්…

Feb 25, 2026
හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
ඩඩ්ලිගේ කාර් එකට රුපියල් බිලියනයක බාල්දියක්

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මෑතකදී ආනයනය කරන ලද මෝටර් රථය Rolls Royce Phantom Auto මෝටර්…

Jan 23, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *