Live 24

January 23, 2026
☀️Clear sky, 26°C
January 23, 2026
☀️Clear sky, 26°C
  • Home
  • Sinhala
  • ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 16යි… ඝාතකයින් තවමත් නිදැල්ලේ…
Image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදට වසර 16යි… ඝාතකයින් තවමත් නිදැල්ලේ…

 සිය පෑන හසුරවමින් ජනතාව වෙනුවෙන්ම මාධ්‍යකරණයේ නිරත වූ ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනයට ලක්ව අදට වසර 16කි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘවරයා ලෙස ලසන්ත වික්‍රමතුංග ජනතාව ඉදිරියේ බොහෝ වංචා දූෂණ හෙළිකළේ සිය දිවිය ද දෙවෙනි කොට සලකමින්ය.

කිසිවෙකුට ළඟාවිය නොහැකි තොරතුරු වෙත සූක්ෂ්මව ළඟාවීමේ හැකියාවක් පිහිටි මේ ගවේෂණාත්මක මාධ්‍යවේදීයා රටට හෙළිකළ බොහෝ තොරතුරු ඔහු නොවන්නට සදහටම සැඟවෙන්නට ඉඩ තිබුණි.

මේ නිසාම ඔහුගේ ජීවිතයට තර්ජන එල්ලවූයේ වරක් දෙවරක් නොවේ.

අවසානයේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසන 10.25ට ලසන්තගේ ජීවිතය උදුරාගන්නට ඔහුගේ පෑනට බිය වූ පිරිසකට හැකි විය.

සුපුරුදු පරිදි සේවා ස්ථානයට යමින් සිටි ලසන්ත විකුමතුංග ආයුද සන්නද්ධ මැරයින් අත්තිඩිය පාරේදී මරාදමන විට ඔහු සන්තකයේ තිබුණේ පෑනත්, සටහන් පොතත් පමණි.

ජාත්‍යන්තරයේ විශිෂ්ට සම්මාන ගණනාවකින් ඇගයූ ලසන්ත, නොබියව කළ මෙහෙවර වෙනුවෙන් ඝාතනයෙන් පසුවත් අයි.පී.අයි. වර්ල්ඩ් ප්‍රෙස් ෆ්‍රී‍රීඩම් හීරෝ සම්මානයෙන් ඇගයීමට ලක් කළේ ය.

මේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා නිහඬ කළ මැරයින් නිදැල්ලේ පසුවෙද්දී ඔහුගේ මරණය මතින්, පසුගිය සමයේ ආණ්ඩු පවා වෙනස් විය.

බලය ගත් පිරිස පරීක්ෂණ ආරම්භ කළේ ය.

2016 සැප්තැම්බර් මාසයේ 27 වෙනි දා ලසන්තගේ සිරුර යළි ගොඩගත් අතර සැකකරුවන් කිහිපදෙනෙකු නීතිය හමුවට ඉදිරිපත් කළත් ඉන් පසුව ක්‍රියාවලිය ඇල් මැරුණි.

තවමත් ඔහු වෙනුවෙන් යුක්තිය ඉටුවී නැත.

මේ ඔහු ඝාතනය වන්නට හරියටම පැය 48කට පෙර සිරස දෙපානම මැදිරි සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් කළ ප්‍රකාශය.

ලසන්ත වික්‍රමතුංග, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී
(2009-01-06)

ත්‍රස්ත ක්‍රියාවලට මේ මැර ක්‍රියාවලට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ පළවෙනි වතාවත් නෙමෙයි මේ වගේ සිද්ධියක් වෙලා තියෙන. මේ අවසන් වතාවත් අනිවාර්යෙන්ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අවධානයෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම්. මාධ්‍ය ආයතන සියලු දෙනාම එකතු වී, සියලු දෙනාම මෙයට මුහුණ දීමට සූදානම් විය යුතු බව පැහැදිලිව කිව යුතුයි.

සැපේදීටත් වඩා විපතේදී සෑම විටම සිටි ලසන්ත, මැදිරි සංකීර්ණයට ප්‍රහාරය එල්ලවී විනාඩි කිහිපයක් තුළ දෙපානමට පැමිණ මර්දනයට එරෙහිව අභීතව හඬනැගුවේ ය.

ඒ ප්‍රකාශය මාධ්‍යවේදියෙකු ලෙස ඔහුගේ ජීවන ස්ථාවරයත් අභීත බවත් ප්‍රකට කරන්නකි.

අපරාධකරුවන් සැමවිටම බිය වන්නේ සත්‍යයටයි. කොයි ආකාරයෙන් නීතියෙන් සැඟවී සිටියත් මේ අපරාධ කළවුන්ටත් ඒවා සැලසුම් කළවුන්ටත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවී සිටිය නොහැකියි.

කර්මය ඔවුන් පසුපස හඹා එනු ඇති.

Releated News

රමේෂ් පතිරණ පොහොට්ටුවට: අළුත් තනතුරු දෙකක්

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ වෛද්‍ය රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක…

Jan 22, 2026
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ – අගමැති හරිනි

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්…

Jan 22, 2026
ට්‍රම්ප්ගේ බදු පැනවීමක් හකුළාගෙන

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු…

Jan 22, 2026
කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා…

Jan 22, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *