Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
  • Home
  • Politics
  • ‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තිම උප්පරවැට්ටය තමයි පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ – සුජීව සේනසිංහ
Image

‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තිම උප්පරවැට්ටය තමයි පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ – සුජීව සේනසිංහ

‘‘ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්තිම උප්පරවැට්ටය තමයි පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගියදා ප්‍රකාශ කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු වරම ඡන්දයකින් ලැබුණ වරමක් නෙවෙයි. ඡන්දයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජන වරමක් ලබන්න හැකියාවක් ලැබුණේ නෑ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන්නේ කොහොම හරි ජනාධිපතිධූරය රැක ගන්න. ඒ සඳහා පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් යොදවලා ජනාධිපතිධූරයේ තවත් කාලයක් රැදි සිටින්න උප්පරවැට්ටි යොදමින් සිටිනවා. දේශපාලනිකව රට තුළ කලබලයක් ඇති කරලා ජනාධිපතිධුරයේ රැඳි සිටින්න අවස්ථාවක් ගන්න තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කරන්නේ. ජනාධිපතිවරණයේදී සියයට 50 කට වඩා ගත්තොත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජය ගන්න පුලුවන්. එහෙම බැරි නිසා තමයි මෙවැනි දේශපාලන උප්පරවැට්ටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොදන්නේ. ඔහුට දැන් බැසිල් රාජපක්ෂගේ , නාමල් රාජපක්ෂගේ සහාය ලැබෙන්නෙත් නෑ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවසාන විජ්ජාව පුස්සක් බවට පත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවත තත්ත්වයක් තමයි පෙනෙන්න තිබෙන්නේ. කෙසේ වෙතත් සමගි ජනබලවේගය ඕනෑම මැතිවරණයකට සුදානම්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්තයා ඉලොන් මස්ක් මහතාව හමුවෙලා තිබුණා. ඒ ගැන අපි ආඩම්භර වෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මත්තයා මෙවැනි දක්ෂ ව්‍යවසායකයන් හමුවෙනවා නමුත් එතනින් එහාට ක්‍රියා කරන්න කටයුතු කරන්නේ නෑ. ඉලොන් මස්ක් වැනි දක්ෂ ව්‍යවසායකයන් හමුවෙලා රටේ තිබෙන පාරිශුද්ධ භාවය පිලිබඳව ඔවුන් තුළ විශ්වාසයක් ඇති කරලා රටට අයෝජනය ගෙන එන්න , විදෙස් ව්‍යාපාරික අවස්ථා රට තුළ ආරම්භ කරන්න පුලුවන් හැකියාව සමගි ජනබලවේගයට සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට තිබෙනවා.

ඒ වගේම ආර්ථිකය ගැන , ආයෝජන ගැන දැනුමක් නැති පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ. ලෝකය පිලිගත් ව්‍යාපාරිකයන්ට බැන බැන කටයුතු කිරිම තමයි ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අපනයන කරුවන්ට කියනවා විවෘත ආර්ථිකය ගැන හොදයි කියලා, මාධ්‍ය ඉස්සරහ කියනවා විවෘත ආර්ථිකය හොද නැ කියලා. ජනතා විමුක්ති පෙරමුණේ දෙබිඩ් පිළිවෙතක් තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගත්තොත් ගෝඨාභයගේ පාලනයට එහා ගිය පාලනයක් තමයි රට තුළ ඇතිවෙන්නේ.රටම විනාශ කරන්න පුලුවන් පිරිසක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ. ප්‍රතිපත්තියක් නැති පිරිසක් ගැන රටේ සුළු පිරිසක් විශ්වාස කරනවා. දුෂණය ගැන කතා කළ පමණින් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න එපා. විශේෂයෙන් විදෙස් රට වලට ඉන්න පිරිසට කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්න එපා කියලා. විදෙස් රටවල සිටින පිරිස් අපේ රටේ දේශපාලනය වෙනස් කරලා ලංකාවේ මිනිස්සු අමාරුවේ දාලා ඔවුන් යනවා. කඩාගෙන වැටෙන දේශපාලනයට බිලි වෙන්නේ ශ්‍රි ලංකාවේ සිටින අහිංසක ජනතාව. රට බේර ගන්න කියලා විදෙස් රටවල සිටි පිරිස් ලංකාවට ඇවිත් ඡන්දය දිලා ගියා. එයින් රට අවුරුදු 30 කට ආ පස්සට ගියා. දැනුම තිබෙන , පලපුරුද්ද තිබෙන පිරිසක් රටේ පාලනයට පත් කර ගන්න. විවේඡනය තිබ්බට ඔවුන්ව රටේ පාලකයෝ ලෙස පත් කර ගන්න එපා කියලා අපි ජනතාවගේ ඉල්ලා සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණෙ නායකයා මහානායක ස්වාමින් වහන්සේලා බැහ දිකින්න ගියා. ඔහු ගියේ මලික් සමරවික්‍රම සමඟ අනුර කුමාරට ඒකට පිළිතුරක් ලබා දෙන්න කියන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමඟ අනුර කුමාරට තිබෙන ගනුදෙනුව කුමක්ද? මේ ප්‍රශ්නවලට උත්තරයක් දුන්නොත් විවාදයට සජිත් ප්‍රේමදාස මහත්තයාව විවාදයට එවන්න පුලුවන්. රනිල්ගේ දකුණු අත සමඟ තමයි අනුර කුමාර දිසානායක ගනුදෙනු කරන්නේ. ඒ වගේම අනුර කුමාර දිසානායක ගනුදෙනු කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය තිබෙන ස්වාධින රුපවාහිනි සේවයට මොකටද අපි විවාදය පවත්වන්නේ.සමගි ජනබලවේගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උගුල් වලට අහුවෙන්නේ නෑ. අපි කියන්නේ විවාදය පවත්වන්න ස්වාධීන ආයතනයකට එන්න කියලා. ස්වාධීන රුපවාහිනි සේවය රජයේ ආයතනයක්. ‘‘

Releated News

ඩිජිටල් IDයට දත්ත එකතු කරන්න මධ්‍යස්ථාන 2,300ක්

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…

Jan 27, 2025
WTC එකට රෑට රෑට පනින Batman අල්ලයි

කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) කාර්යාල 4කට අළුයම් කාලයේ ඇතුළු වී සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කොටුව පොලීසිය විසින්…

Jan 24, 2025
අනිවාර්යෙන් පරික්ෂා කළ යුතු රතු ලේබල් බහාලුම් ඇතුළු බහාලුම් 323ක් පරික්ෂාවකින් තොරව රටට ඇතු​ළු කරලා…

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප්‍රමාණය​ක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට…

Jan 23, 2025
වැලිවලින් ගහපු ගැහිල්ලක්

වංචා සහගත වැලි කැණීමේ සිද්ධියක් පිටුපස ප්‍රසිද්ධ දේශපාලඥයින් දෙදෙනෙකු සිටින බවට වාර්තා වන බව වැවිලි සහ ප්‍රජා යටිතල…

Jan 21, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *