Live 24

Wednesday
February 5, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Wednesday
February 5, 2025
  • Home
  • Local
  • චීනේ එක්ක ගිවිසුම් 7කට අනුමැතිය
Image

චීනේ එක්ක ගිවිසුම් 7කට අනුමැතිය

මහජන චීන සමුහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් හතක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ චීනය සමුහ ආණ්ඩුවේ ආයතන අතර පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තබන බව රජය සඳහන් කළා.

01.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන වින සමුහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනි පරිපාලනය අතර අවබෝධනා ගිවිසුම

02.සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ විනයේ ෂින්හුවා පුවත් නියෝ සිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම

03.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ සින්හුවා පුවක් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම

04.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමුහ (China Media Group) අතර අවබෝධතා ගිවිසුම

05.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ වින මාධ්‍ය සමුහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වී තිබුණා.

මේ අතර, චීන මාධ්‍ය සමුහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රජය සඳහන් කළේ, දෙපාර්ශවය අතර ඇති කරගනු ලබන සහයෝගීතාව මත එන මාධ්‍ය සමුහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

එමෙන් ම, චීන වෙළෙඳපොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබුණා.

චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවෙන් කුකුල් මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුව සිදු කිරීම සඳහා දෙරට අතර අදාළ ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂා කිරීම, නිරෝධායනය හා සෞඛ්‍ය අවශ්‍යතා ඇතුළත්ව සකස් කරනු ලබන ගිවිසුමට අත්සන් තබන බව රජය පවසනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.

Releated News

තායිලන්ත තානාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් Sri Lanka Association in Thailand වෙබ් පිටුව එළි දැක්විණි

ශ්‍රී ලංකා තායිලන්ත තානාපතිනිය වන ගරු විජයන්ති එදිරිසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 2025/02/01 වන දින Sri Lanka Association…

Feb 3, 2025
Breaking: වෛද්‍ය චමල් සංජීවගේ වැඩතහනම්

පසුගිය මහමැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන් තරග කළ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ…

Jan 30, 2025
පාස්පෝට් අර්බුදයේ වාර්තාව කැබිනට් මණ්ඩලයට

විදේශ ගමන් බලපත්‍ර අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාර දී…

Jan 29, 2025
ක්‍රිෂ් නඩුව ගැන නාමල්ගෙන් ට්විට් එකක්

කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක්…

Jan 29, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *