Live 24

Monday
October 21, 2024
loader-image
temperature icon 27°C
light rain
Monday
October 21, 2024
  • Home
  • Crime/police
  • චමුදිත පදිංචි නිවාස සංකීර්ණය අසලට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්
Image

චමුදිත පදිංචි නිවාස සංකීර්ණය අසලට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පදිංචිව සිටින පිළියන්දල වෑවල කේම්බ්‍රීජ් කෝට් නිවාස සංකීර්ණයේ පිවිසුමේ ප්‍රධාන දොරටුව අසලට පෙරේදා (20) රාත්‍රී පැමිණ ඇතුළු වීමට උත්සාහ දැරූ නාඳුනන පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය මගින් සොයා බැලීමක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

එම පුද්ගලයන් දෙදෙනා ප්‍රධාන දොරටුව අසලට පැමිණි අවස්ථාවේදී ඔවුන් කාගේ නිවසට යන්නේ දැයි විමසීමේදී නිසි පිළිතුරක් ලබාදීමට එම පුද්ගලයන් දෙදෙනා අපොහොසත් වී ඇති අතර අනතුරුව පැමිණි පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූප ලබාගෙන ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ සිටින බවට ආරක්ෂක නිලධාරියා විසින් එම නිවාස සංකීර්ණයේ පදිංචි මීට පෙර නාඳුනන පුද්ගලයන්ගේ විවිධ තර්ජන වලට ලක් වූ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශය මගින් ගිනි අවි සහිතව ලබා දුන් පොලිස් නිලධාරීන් දෙදෙනා වෙත දුරකථනයෙන් දැනුම් දී ඇති අතර ඔවුන් එම ස්ථානයට පැමිණෙන විට එම පුද්ගලයන් දෙදෙනා පිටව ගොස් තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

මීට වසර දෙකකට පමණ ඉහතදී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර මේ දක්වා කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන නොතිබුණි

පෙරේදා (20) රාත්‍රී වූ සිද්ධිය සම්බන්ධයෙන් චමුදිත සමර වික්‍රම මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ හා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහත්වරුන් දුරකථනයෙන් දැනුම්වත් කර තිබිණි

Releated News

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි..

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි…

Oct 7, 2024
මග නැගුමෙන් ඉදිකිරීම් සමාගමට කෝටි 15ක් ගෙවීම නවතයි

මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘මග නැගුම’ ආයතනය මඟින් නීතියට පටහැණිව යමින් 2k නමැති ඉදිකිරීම් සමාගමට රුපියල් මිලියන…

Sep 27, 2024
කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ හිටපු නඩු භාණ්ඩ භාර­කරු දින 7ක් රඳවා ප්‍රශ්න කරන්න අව­සර

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු භාණ්ඩ කාම­රයේ ගබඩා කර තිබූ රුපි­යල් කෝටි 24ක් වටිනා හෙරො­යින් කිලෝ 12ක් අතු­රු­දන්…

Aug 31, 2024
දේශබන්දු හිටියොත් මැතිවරණය සාමකාමිව තියන්න වෙන්නේ නෑ‘‘ – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්පතිධූරයේ සිටියානම් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය සාමකාමීව පැවැත්වීමට සිදු නොවන බවත් දේශබන්දු තෙන්නකොන් මහතා පොලිස්…

Jul 25, 2024
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට ලාල් කාන්ත සහ වසන්තගෙන් බිය වැදීමක් 

චමුදිත විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලාල් කාන්ත වෙනත් වැඩසටහනකදී ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු…

Jul 22, 2024
අතුරුගිරියේ වෙඩි තැබීමක්

ක්ලබ් වසන්ත මිය යයි, කේ.සුජීවාට තුවාල ! අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 6 දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත්…

Jul 8, 2024
සංදර්ශන කරලා කිසිවකුගේ ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. – පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

සංදර්ශන කරලා කිසි කෙනෙක්ගෙන් ප්‍රශංසා ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. මේ රටේ මහජනතාවට අපරාධ බියෙන් තොරව…

Jul 8, 2024
පාතාලයට තේරෙන භාෂාවෙන් පිළිතුරු දෙන්න පොලිසිය සුදානම් –  පොලිස්පති

යුක්තිය මෙහෙයුම තාවකාලික මෙහෙයුමක් නොවන බවත් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මේ රටින් තුරන් වනතෙක් පසුවිපරම් කරමින්, මත්ද්‍රව්‍යට හා පාතාලයට…

Jul 4, 2024
හිරුණිකාගෙන් අභියාචනයක්

තමන්ට නියම වී ඇති වසර තුනක සිරදඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා…

Jul 1, 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *