කෝටි ගණන් ණය හා බදු පැහැර හැරි ගජමිතුරු ව්‍යාපාරිකයන් රකිමින් රජය ජනතාව කරපිට තවත් බදු රැසක් ගහලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වර්තමානයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් තවතවත් අලුත් බදු වර්ග ජනතාවගේ කරපිට පටවන්න IMF එක උපදෙස් දී ඇති බවත් එයට හේතුව ජනතාවගේ පැත්තෙන් නොසිතා ජනතාවට අසීමිත පීඩනයක් බරක් පටවන IMF ගිවිසුමකට එළඹීම බවත් මෙම ගිවිසුම සමගි ජන බලවේග රජයක් තුළ අහෝසි කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

IMF සහභාගීත්වය තුළ රට ගොඩනැගීම යථාර්ථවාදී හා ප්‍රායෝගික දෙයක් වුවත් ශක්තිමත් ලෙස කොදුනාරටිය කෙළින් කර ගෙන ජනතාවට සහන ලැබෙන ජනතා කේන්ද්‍රීය ගිවිසුමකට ප්‍රවේශ වීම රජයේ වගකීම බවත් අලුතින් බදු පටවන්නේ රාජ්‍ය ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම නිසා බවත් මෙහි දී අමතර බදු පැටවීම සිදු නොකර බදු එකතු කිරීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව සිදුකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද ගජමිතුරු ධන කුවේරයන් විශාල ප්‍රමාණයක් කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන බලවතුන්ගේ සම්බන්ධකම් තුළ ණය විශාල ප්‍රමාණයක් කපා හැර ඇති බවත් පසුගිය දින පාර්ලිමේන්තුවේ දී කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන ඒවා නොගෙවා සිටින මෙන් ම ණය කපාහැරි පුද්ගලයන්ගේ හා ආයතනවල නම් ප්‍රසිද්ධ කර ලෙස මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර සිටියේ ණය ගනුදෙනු රහසිගත නිසා නම් ගම් හෙළිදරව් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 15) කුරුණෑගල එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 240 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. පළාත් හා ජාතික මට්ටමින් දක්ෂතා පෙන්වූ පාසලේ නැටුම් කණ්ඩායම සඳහා නව ඇඳුම් සපයා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් පාසල් සංවර්ධන ගිණුමට පරිත්‍යාග කළේය.*

*ගජමිතුරන්ගෙන් සංතෝසම් අරගෙන ආණ්ඩුව ණය කපාහැරලා*

කෝටි ගණන් ණය ගෙන ගජමිතුරු ධනවාදය ක්‍රියාත්මක කර පාලකයන්ට සංතෝසම් ලබා දීම තුළ ණය කපාහරින ලද දැවැන්ත ආයතනවල පුද්ගලයන්ගේ නම් ටික හෙළිදරව් නොකරණ රජය සමස්ත ජනතාවගේ කරපිට අසීමිත බදු බරක් පටවා ඇති බවත් මෙය බලවත් අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*අපි ගජමිතුරු ධනවාදීන් සුරකින්නේ නැහැ*

මේ වසර අවසන් වීමට පෙර කෝටි ප්‍රකෝටි ගණන් ණය ගෙන ණය නොගෙවා සිටින මහා ධනස්කන්ධක් ඇති ධානපති ආයතන නැවත ණය ගෙවීමේ යුගය ඇති කරනා බවත් එසේ නොකළහොත් ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගජමිතුරු ධනවාදීන් ආරක්ෂා නොකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*හරියට බදු දැල පුළුල් කිරිම රජයේ වගකීම*

අමතරව බදු බර පැටවීම රාජ්‍ය ආදායමේ ගැටලුවලට විසඳුමක් නොව එය රජයේ නොහැකියාව බවත් කාර්යක්ෂමව බදු දැලට හසුවිය යුතු ඉහළ ආදායම් ලබන්නන්ගෙන් හා ආයතනවලින් නිසි බදු ආදායම ලබා ගැනීම රජයේ වගකීම බවත් එම නොහැකියාව හා අදක්ෂතාව තුළ බදු බර වැඩි කිරිම විසදුම නොවන බවත් මෙය පහත් ක්‍රියාවක් බවත් නිසි සාධාරණත්වය හා යුක්තිය ඉටුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ධනබලය දේශපාලන බලය හා පාලකයන් සමඟ ඇති සම්බන්ධතා නිසා සමාජයේ කෝටිපතියන්ට ඉහළ සැලකිල්ලක් සහ සාමාන්‍ය ජනතාවට පහත් කොට සැලසීමත් යන යුගය අවසන් කර හැමෝටම එක හා සමාන ලෙස සලසන යුගයක් ඇති කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*දරුවන් බිල්ලට දීලා කළ දේශපාලනය අවසන් විය යුතුයි*

මෙතෙක් කල් බොහෝ දෙනා දේශපාලනයේ නාමයෙන් අපේ රටේ 41 ලක්ෂයක් දූදරුවන්ව බිල්ලට දී තමතමන්ගේ දේශපාලන අභිමතාර්ථ ජයග්‍රහණය කිරිමට සිංහල පමණයි දමිළ පමණයි කිය කිය ඡන්ද මළු ගොඩගසා ගැනීමේ ඛේදනීය දේශපාලන ක්‍රමයක ප්‍රාණ ඇපකරුවන් බවට දූදරුවන් යොදා ගෙන ඇති බවත් එම නිසා දැන්වත් ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*කටින් බතල සිටවනවා වෙනුවට ක්‍රමයේ වෙනස ඇති කළේ අපි*

කටින් බතල සිටවනවා වෙනුවට ක්‍රමයේ වෙනස මහපොළොවේ සත්‍යක් යථාර්තයක් බවට පත් වූයේ සක්වල වැඩසටහන් හරහා බවත් වැඩිහිටියන් ලෙස දරුවන්ට දිය හැකි ඉහළම තෑග්ග වන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ නූතනවාදී ජාත්‍යන්තරයට සරිලන අධ්‍යාපනයක් බවත් ඒ තුළින් දැවැන්ත මානව ප්‍රාග්ධනයක් නිර්මාණය වුවත් වත්මන් අධ්‍යාපනයේ බරපතල දුබලතා විෂමතා රැසක් ඇති බැවින් ඒවා නිවැරදි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 240ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2691ක් වැය කර තිබේ.*

Share

Connect

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Live 24 Broadcasting (Pvt) Ltd is a dynamic digital media and news platform dedicated to delivering accurate, timely, and reliable news to audiences in Sri Lanka and around the world. Our platform provides comprehensive coverage of breaking news, politics, business, technology, entertainment, and global developments, ensuring readers stay informed about the events that matter most. With a commitment to responsible journalism, editorial integrity, and factual reporting, Live 24 Broadcasting aims to create a trusted source of information for the modern digital audience. We continuously work to provide fast updates, in-depth analysis, and engaging multimedia content, keeping our readers connected to local and international stories 24 hours a day.

Read More
Connect