Live 24

Tuesday
June 17, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
June 17, 2025
  • Home
  • Local
  • කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට
Image

කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

කොළඹ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගයේ රීසා සරුක්ගේ නම යෝජනා වූ අතර, ජාතික ජන බලවේගයෙන් ව්‍රායි කැලි බල්තසාර්ගේ නම යෝජනා විය.

ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත්විය.

සමගි ජන බලවේගයේ රීසා සරුක් මහතා ඡන්ද 54ක් හිමිකර ගත් අතර, ඡන්ද දෙකක් ප්‍රතික්ෂේප වී තිබුණි.

මේ අතර, බහුතර එකඟතාවය මත නියෝජ්‍ය නගරාධිපති ලෙස හේමන්ත කුමාර මහතා තේරී පත්වුණි.

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (16) උදෑසන 9.30ට ආරම්භ වුණි.

එහිදි නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළේය.

කෙසේවෙතත් පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න විමසීමත් සමග ඇති වූ මහභේදාත්මක තත්ත්වය තුළ සභාවෙහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

එහිදී නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පවත්වන ඡන්දය රහස්‍ය ඡන්දයක් ලෙස හෝ විවෘත ඡන්දයක් ලෙස පවත්වනවා ද යන්න නාගරික කොමසාරිස්වරිය විමසීමක් කළ අතර එයටද ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් ද යෝජනා කරනු ලැබීය.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර විපක්ෂය විසින් නගරාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම කුමන ආකාරයෙන් සිදුකළ යුතු ද යන්න විමසීමේ රහස් ඡන්දය අවශ්‍ය නොවන බව සඳහන් කළේය.

පසුව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීම රහස්‍ය ඡන්දයක් මඟින් පැවැත්වීමට විපක්ෂය විසින් යෝජනා කරනු ලැබීය.

ඒ අනුව නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයක් හරහා සිදුකිරීමට සභිකයින් සියලුදෙනා ඒකමතිකව එකඟතාව පළ කළහ.

Releated News

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන…

Jun 14, 2025
සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්නවලට උත්තර සපයන්න බැරුව නලින්ද නැවත නැවත වැඩ තහනම් ලිපියක් එළියට දමමින් තර්ජනය…

*වැඩ තහනම් කරලා කටවල් වැසීම පරණ ක්‍රමයක්. මේ වැඩ තහනම් කරපු ලිපිය නිකුත් කරලා තියෙන විදිහ වැරදියි. මෙය…

Jun 9, 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Jun 9, 2025
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය…

May 30, 2025
1 Comments Text
  • Teşvikiye su kaçak tespiti says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Teşvikiye su kaçak tespiti Beşiktaş su kaçağı tespiti: Beşiktaş’ta su kaçağına çözüm arayanlara profesyonel destek. https://www.aaccoaching.uk/read-blog/10705
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *