Live 24

February 14, 2026
☁️Overcast, 27°C
February 14, 2026
☁️Overcast, 27°C
  • Home
  • News
  • කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර
Image

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

වසරකට මිලියන 700ක් ජනාධිපතිවරයෙකුගේ ආරක්ෂාව සඳහා වියදම් කර තිබු බවත් එලෙස ආරක්ෂාවට සිටි පොලීසිය, හමුදාව, STF දහස් ගණනක් අයින් කළ බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

“අපි නොවැම්බර් මාසේ 21 වනදා දිවුරුම් දුන්නා කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු 21යි. රාජ්‍ය ඇමතිවරු කියලා කෑලි නැහැ. ඉස්සර අමාත්‍යධුර ඇඟේ හැප්පෙනවා මේ කළුතර. අපිට කළුතර මන්ත්‍රීවරු 8යි, ඇමතිධුර 1යි. රටක් හදන්න ඕනකම තියෙන්නේ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දීලා නෙවෙයි. ඉස්සර හැදුවේ එහෙම නෙවෙයි, සතුටු කරන්න. අන්න එහෙම ආණ්ඩුවක් හදන්නේ අපි විතරයි වෙන කවුරුත් හදන්නෙත් නෑ.වෙනදා අමාත්‍ය ධුර බෙදන්නේ කොහොමද? මේ අමාත්‍ය ධුර ඥාති වර්ගයාට බෙදාගත්තේ. වෙනදා අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩලයට බඳවා ගත්තේ කවුද? බිරිඳ පුද්ගලික ලේකම්තුමිය. මට මතකයි කතානායක මහින්ද යාපා එතුමාගේ කාර්යමණ්ඩලය මහින්ද යාපා යායක්. ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. අද කිසිදු අමාත්‍යවරයෙක් පස්සේ වාහනත් නැහැ, පොලිස් රථත් නැහැ. ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි විපක්ෂයට දෙන්නෙත් නෑ. මොකද පොලීසියට 21,000ක් මදි. ඒ මහත්වරු බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ.”

“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා. හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.

Releated News

හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ 12ක් පෝරකයට

පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  12…

Feb 11, 2026
කතානායකට අල්ලසෙන් පරීක්ෂණයක්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව බාරදී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා…

Feb 8, 2026
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පතට එරෙහි පෙත්සමක්

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත…

Feb 5, 2026
කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්.

කොළඹ-නුවර සහ කොළඹ ගාල්ල අතර ධාවනයට විදුලි බස් රථ 100 ක්. පාසල් පන්සියයකට ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.…

Jan 24, 2026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *