Live 24

March 7, 2026
🌤️Mainly clear, 28°C
March 7, 2026
🌤️Mainly clear, 28°C
  • Home
  • Local
  • කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ
Image

කළු කෝට්, ජාතික ඇඳුම, සිවුර අපිට අදාළම නෑ

දේශපාලන ප්‍රහාර එල්ල කරන ඕනෑම අයකුට “කුඩු වෙලා යන්න” ප්‍රතිප්‍රහාර දීමට තමන් පසුබට නොවන බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ආණ්ඩුවට එල්ල වන විවේචන හමුවේ නිහඬව සිටීම පිළිබඳව පාක්ෂිකයින් නගන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා කියා සිටියේ, තමන් සැමවිටම පහර නොදුන්නද පසුව එල්ල කරන ප්‍රහාරය ප්‍රතිවාදියා කුඩු වී යන මට්ටමේ දරුණු එකක් වනු ඇති බවයි.

යම් පාර්ශවයක් තමන්ට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ තරාතිරම හෝ ඇඳුම සලකා බලා නිහඬව නොසිටින බව අමාත්‍යවරයා මෙහිදී සෘජුවම ප්‍රකාශ කළා.

කළු කෝට් නැතිනම් ජාතික ඇඳුම ඇඳලා සිටිමින් හෝ, සිවුර දාගෙන සිටියද  අදාළ නැති බව පෙන්වාදුන් ලාල්කාන්ත අමාත්‍යවරයා දේශපාලන ප්‍රහාරයක් දිය යුතුනම් එම ප්‍රතිප්‍රහාරය දෙන බව එහිදී කියා සිටියා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ 159 ක බලයක් සහ විධායක ජනාධිපති ධුරය අතැතිව තිබියදීත් ආණ්ඩුව විවේචන හමුවේ මෘදු පිළිවෙතක් අනුගමනය කරන බවට හිතවතුන් පවා ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

සමහර පාර්ශවයන් විවිධාකාර දේ වලින් ආරක්ෂා වීමට උත්සාහ කළද, දේශපාලන ප්‍රහාර එල්ල කිරීමේදී තමන් අකුලගෙන නොසිටින බවත්, ඕනෑම මොහොතක දරුණුතම ලෙස පෙරළා පහර දීමට සූදානම් බවත් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසුවා. 

Releated News

FBI එකටත් බැරි වුණ එකේ අපිට පාස්කු වළක්වන්න පුළුවන්ද – සුජීව

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදී හෝටල් සහ පල්ලි වසා දැමීමට පියවර ගත්තේ නම් රටේ විශාල කලබලයක් ඇති…

Feb 27, 2026
අජිත් රෝහණගෙන් ආණ්ඩුවට ක්‍රෙඩිට් එකක්

වර්තමානය වන විට පාර්ලිමෙන්තුව විසින් නිර්මාණය කරපු අතිවිශිෂ්ට නීතිය වන්නේ අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත බව ජේෂ්ඨ නියෝජ්‍ය…

Feb 27, 2026
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්

වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ,…

Feb 27, 2026
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට…

Feb 27, 2026
1 Comments Text
  • afunentrar says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Afunentrar, yeah? Pretty standard stuff, easy enough to sign up and get going. Could be a good option if you need somewhere quick. afunentrar
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *