Live 24

Monday
May 19, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Monday
May 19, 2025
  • Home
  • Local
  • කබ්රාල් ඇතුළු පහකට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග
Image

කබ්රාල් ඇතුළු පහකට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(26) නියෝග කළා.

අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්.

මීට පෙර මෙම ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂය මත විත්තිකරුවන් නිදහස් කළා.

තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් කොමිසම පසුගිය අගෝස්තු 21 වැනිදා නැවත නඩු පැවරීමට පියවර ගෙන තිබුණා.

මේ අනුව ඊයේ (26) සිතාසි නිකුත් කෙරුණේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ. කරුණාරත්න යන විත්තිකරුවන්ටයි.

Releated News

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර…

Apr 28, 2025
දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා…

Apr 28, 2025
නැවත දැනුම්දෙන තුරු මහනුවරට එන්න එපා

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී.…

Apr 24, 2025
ඩෑන් ප්‍රියසාද් ඇත්තටම මැරිලා

අසාධ්‍ය තත්වයේ කොළඔ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් අද (23) අලුයම මියගිය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය…

Apr 23, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *