Live 24

Tuesday
January 21, 2025
loader-image
temperature icon 27°C
broken clouds
Tuesday
January 21, 2025
  • Home
  • Sinhala
  • කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
Image

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි.

2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල වුණා.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, නව මගී පර්යන්තයෙන් වාර්ෂිකව මිලියන 9 කට පහසුකම් සැලසිය හැකි බවයි.

කටුනායක ගුවන්තොටුපොළ පළමු මගී පර්යන්තයෙන් මේ වනවිට වාර්ෂිකව මිලියන ‍6 කට පහසුකම් සලසනවා.

කටුනායක ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමත් සමග වාර්ෂිකව මිලියන 15 ක පිරිසකට පහසුකම් සැලසීමට හැකි වන බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවා.

Releated News

විනිසුරු නිශ්ශංක බන්දුල විශ්‍රාම පූර්ව නිවාඩු යයි

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව…

Jan 20, 2025
ඉතිහාස ගත වූ ව්‍යවසායකයා

1946 වසරේ ජූනි 14 වැනිදා නිව්යෝර්ක් හි උපත ලැබූ ට්‍රම්ප් ව්‍යාපාර ක්ෂේත්‍රය දිග්විජය කළ දක්ෂ ව්‍යවසායකයෙකි. 1987 දී…

Jan 20, 2025
මනූෂ CIDයට ප්‍රකාශයක් දෙන්න සුදානම් බව අධිකරණයට දන්වයි

දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට…

Jan 20, 2025
ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!

ඊ ටිකට් ජාවාරම නොනවතී..! උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශපත් සියල්ල තත්ත්පර 30 න් බහිරවයා ගිලී..!  මාර්ගගත ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර…

Jan 20, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *