Live 24

December 15, 2025
Partly cloudy, 27°C
December 15, 2025
Partly cloudy, 27°C
  • Home
  • News
  • එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා
Image

එක්ස්ප්‍රස් ෆීඩර්ස නැව් සමාගම වන්දි ගෙවන්න බැහැ කියලා

2021 වසරේදී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම එක්ස්ප්‍රස් ෆීඩර්ස් නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්මුයෙල් යොස්කොවිට්ස් විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, මෙම මුදල ගෙවීම ගෝලීය නාවික කර්මාන්තයට පුළුල් බලපෑම් ඇති කරනු ඇති අතර, එය ‍අනතුරුදායක පූර්වාදර්ශයක් විය හැකි බවයි.

පසුගිය ජූලි මස 24 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන ලෙස නියෝග කර තිබුණා.

එම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ දැක්වෙනවා.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ලැබුවා.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් එවක අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණා.

Releated News

විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යයි

අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද…

Nov 29, 2025
පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනට

පීඩාවට පත්වූ පවුල් උදෙසා ඉන්දීයානු ආධාර රැගත් ගුවන්යානක් දිවයිනටදිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව…

Nov 29, 2025
ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර කළ නීතිඥවරියක් කඩවත දී අත්අඩංගුවට

ගණේමුල්ල සංජිව ඝාතනයට ආධාර අනුබල දීම මත මහර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥවරියක් ඊයෙ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Oct 29, 2025
පුටුව උඩ අවසන් ගමන් ගිය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර මහතා පසුගිය පළාත් පාලන ඡන්දයේදී සමගි ජනබලවේගයෙන් තරග…

Oct 22, 2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *